පැහැරගත් පර්යේෂණ කණ්ඩායම මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භයි.
By Wayomi
පැපුවා නිව්ගිනියාවේදී ප්‍රාණඇපයට ගෙන ඇති පර්යේෂණ කණ්ඩායම මුදාගැනීම සඳහා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ..
ඊයේ (20) දිනයේ ඔස්ට්‍රේලියානු මහාචාර්යවරයෙකු සහ එරට විශ්වවිද්‍යාල සිසුන් තිදෙනෙකුගෙන් යුත් පිරිසක් පැපුවා නිව්ගිනියාවේ කඳුකර ප්‍රදේශයකදී සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගෙන තිබෙනවා.
ආරම්භයේදී විශාල පිරිසක් සන්නද්ධ කණ්ඩායම සිය භාරයට ගෙන තිබූ අතර පසුව ඒ අතර සිටි මඟ පෙන්වන්නන්ව නිදහස් කර තිබුණා.
පැපුවා නිව්ගිනියානු පොලිස් ප්‍රධානියා පවසන්නේ, පැහැරගැනීම සිදුකළ පිරිස සමග මේ වන විට සාකච්ඡා පවත්වමින් අදාළ පිරිස බේරා ගැනීමට කටයුතු කරන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |