හිටපු අග්‍රාමාත්‍යවරියට අසාධ්‍යයි

Report

බංග්ලාදේශයේ රෝහලක ප්‍රථිකාර ලබන එරට හිටපු අග්‍රාමාත්‍යවරියක වන කලීඩා ශියාගේ තත්ත්වය බරපතළ බව ඇයගේ වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත.

එරට මාධ්‍ය පවසන්නේ මේ වන විට 80 හැවිරිදි වියේ පසුවන ඇය ඩකාහි රෝහලක තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි. පසුගිය නොවැම්බර් මස 23වනදා රෝහල් ගත කර කලීඩා ශියා දෙසැම්බර් මස 11වනදා සිට ශ්වසනාධාර යන්ත්‍රවල සහයෙන් ජිවත් වේ.

බෝම්බ තර්ජනයක් - කටුනායක ගුවන් තොටුපළේ බෝම්බ බියක්

බෝම්බ තර්ජනයක් - කටුනායක ගුවන් තොටුපළේ බෝම්බ බියක්

බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ නායිකාව වන කලීඩා ශියා එරට පළමු කාන්තා අගමැතිවරිය වන අතර ලබන පෙබරවාරි මාසයේ පැවැත්වෙන බංග්ලාදේශයේ තීරණාත්මක මහ මැතිවරණයේදී අගමැති ධූරයට තරග කිරීම වෙනුවෙන් ඇයගේ පුත් තාරික් රහ්මන්ඩ් පසුගියදා බංග්ලාදේශය වෙත පැමිණ තිබුණේ වසර 17ක කාලයක් එංගලන්තයේ රැදී සිටීමෙන් අනතුරුවය.

හිටපු අග්‍රාමාත්‍යවරියට අසාධ්‍යයි | Khaleda Zia In Critical Condition In Hospital