"කෙසෙල් බද්දර පත්මේගේ" බිරිඳගේ නිවස වීඩියෝගත කළ දෙදෙනෙක් අත්අඩංගුවට
Sri Lanka Police
Sri Lanka
Crime
By Zara
"කෙසෙල් බද්දර පත්මේ" නැමැත්තාගේ බිරිඳට අයත් පන්නල ප්රදේශයේ පිහිටි නිවස හා ඒ අවට ප්රදේශය වීඩියෝගත කළ සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් මෙම " කෙසෙල් බද්දර පත්මේ '' නැමැත්තාට චෝදනා එල්ල වනවා.
ඒ අනුව ඔහුගේ බිරිඳට අයත් නිවසක් වීඩියෝගත කළ බව පවසන චෝදනාවක් මත එම සැකකරුවන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
