නිර්වින්දනයෙන් පසු අවසන් ගමන් ගිය කේරළයේ මල් කැකුළ

By Malith Madushan Jul 11, 2026 10:09 AM GMT
Report

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කන්නූර් ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකදී තුවාලයකට ප්‍රතිකාර කිරීම සඳහා නිර්වින්දනය ලබාදීමෙන් අනතුරුව සිහිසුන් වූ මාස 18ක පිරිමි දරුවෙකු මියගොස් තිබේ.

දේවන්ෂ් ෂෞර්යා නමැති මෙම දරුවා පසුගිය ජූලි 5 වැනිදා නිවස ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටියදී ඇද වැටී තොලේ තුවාලයක් ලබා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මුලින්ම ඔහු මාතමංගලම් ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් මූලික ප්‍රතිකාර ලබාදී ඇති අතර, පසුව පයන්නූර්හි බේබි මෙමෝරියල් රෝහල වෙත මාරු කර තුවාලය මැසීම සඳහා නිර්වින්දනය ලබාදී තිබේ.

එම ප්‍රතිකාරයෙන් අනතුරුව දරුවා සිහිසුන් වී ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා කන්නූර්හි බේබි මෙමෝරියල් රෝහල වෙත මාරු කිරීමෙන් පසු සිකුරාදා රාත්‍රී ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

ලෝක තාක්ෂණික වෙළෙඳපොළ කළඹමින් ඇපල් සමාගම නඩු මඟට පිවිසෙයි

ලෝක තාක්ෂණික වෙළෙඳපොළ කළඹමින් ඇපල් සමාගම නඩු මඟට පිවිසෙයි

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ පවුලේ සාමාජිකයින් වෛද්‍ය නොසැලකිල්ලක් සිදුවී ඇති බවට චෝදනා කර ඇති අතර, ඒ අනුව ප්‍රතිකාර ලබාදුන් වෛද්‍යවරියකට එරෙහිව ඉන්දීය දණ්ඩ නීතිය යටතේ නඩු පවරා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

කෙසේ වෙතත්, අදාළ චෝදනා බේබි මෙමෝරියල් රෝහල විසින් ප්‍රතික්ෂේප කර තිබේ. රෝහල නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, නිර්වින්දනය ලබාදීමෙන් අනතුරුව දරුවාට හදිසි හෘදයාබාධ තත්ත්වයක් ඇති වූ බවත්, වහාම වෙන්ටිලේටර් ආධාර ලබාදෙමින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කන්නූර් රෝහල වෙත මාරු කළ බවත්ය.

නිසි මාත්‍රාවෙන් සහ ප්‍රමිතියට අනුව නිර්වින්දනය ලබාදුන්නද, ඇතැම් අවස්ථාවලදී මෙවැනි සංකූලතා ඇතිවිය හැකි බව රෝහල සඳහන් කර ඇති අතර, දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා හැකි සියලු ප්‍රතිකාර සිදු කළ බවද අවධාරණය කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

තනිකමට තිත - තාක්ෂණ ලෝකය හොල්ලමින් චීනයෙන් සුපිරි වැඩක්

තනිකමට තිත - තාක්ෂණ ලෝකය හොල්ලමින් චීනයෙන් සුපිරි වැඩක්