පොලිසිය විසින් අත්අඩංගුවට ගත රැප් ගායකයා වෙනුවෙන් කේරළයේ ගායක වේදන් හඬ නගයි
By Ashfa
කේරළයේ ගායක වේදන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ පොලිසිය විසින් රැප් ගායක සංකීර්තනන් අත්අඩංගුවට ගැනීම කණගාටුවට කරුණක් බවයි.
රැප් සංගීතය හරහා සමාජ සාධාරණත්වය වෙනුවෙන් හඬ නගන ගායකයෙකු යැයි තමාව හදුන්වන වේදන්, අද තමිල්නාඩු සමාජ සුභසාධන අමාත්‍ය වන්නියරසු හමුවූ අවස්ථාවේදී ඉහත ප්‍රකාශය සඳහන් කළේය.
වේදන් සමඟ මාධ්‍ය හමුවට සහභාගී වූ අමාත්‍ය වන්නියරසු සංකීර්තනන්, අත්අඩංගුවට ගැනීම හෙළා දුටු අතර ඔහු නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය.