රවි මෝහන් එක්ක පැටළුනු කෙනිෂා ලක්ෂ ගණනක මාරක දඩයක් සමඟ සයිබර් අපරාධ වැරදිකාරියක් වෙයි
නළු රවි මෝහන් සහ ඔහුගේ බිරිඳ ආර්ති රවි අතර වෙන්වීම සම්බන්ධ මතභේද තවදුරටත් උණුසුම් වී ඇති අතර, ඒ අතරතුර ගායිකා කෙනීෂා ෆ්‍රැන්සිස් නව නීතිමය ගැටලු කිහිපයකට මුහුණ දී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
2024 සැප්තැම්බර් මාසයේදී රවි මෝහන් සහ ආරතී වෙන්වූ බවට වාර්තා වූ අතර, එයට ප්‍රධාන හේතුව ලෙස රවි මෝහන් සහ කෙනිෂා අතර පැවති සමීප මිත්‍රත්වය පිළිබඳව පුළුල් කතාබහක් ඇතිව තිබුණි.
මේ අතර, දික්කසාද නඩුව තවමත් පවුල් අධිකරණයේ විභාග වෙමින් පවතී.
ආර්ති රවි විසින් මදුරාසි මහාධිකරණය වෙත ගොනු කළ පෙත්සමකින් චෝදනා කර තිබුණේ කෙනිෂා ඇයට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ පළ කරන බවයි. එම පෙත්සම සලකා බැලූ අධිකරණය, කෙනිෂාට එවැනි ප්‍රකාශ පළ කිරීමෙන් වළකින ලෙස නියෝග කර ඇති බව වාර්තා වේ.
මේ අතර, ඩුබායිහි පැවැත්වීමට නියමිතව තිබූ සංගීත වැඩසටහනක් සම්බන්ධයෙන් පෞද්ගලික සමාගමක් තමන්ට ගෙවීම් සිදු නොකළ බවට කෙනිෂා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සටහන් ද තවත් නීතිමය ගැටලුවකට හේතු වී තිබේ.

අදාළ සමාගම විසින් කෙනිෂා සහ ඇයගේ මිතුරියක වන අරුණට එරෙහිව අපහාස කිරීමේ නඩුවක් ගොනු කර ඇති අතර, නඩුවේදී ඉදිරිපත් කළ සමාජ මාධ්‍ය තිරපිටපත් ඇතුළු සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව දෙදෙනාම වැරදිකරුවන් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයහි සයිබර් අපරාධ නීති යටතේ ලබාදුන් මෙම තීන්දුව අනුව, කෙනිෂා සහ අරුණ යන දෙදෙනාටම ඩිරාම් 5,000 බැගින් දඩ මුදලක් ගෙවීමට නියෝග කර ඇති බව සඳහන් වේ.
එය ඉන්දීය මුදලින් රුපියල් ලක්ෂ 1.29කට ආසන්න මුදලකි. මෙම සිදුවීම් හේතුවෙන් කෙනිෂා ෆ්‍රැන්සිස් නැවතත් සමාජ මාධ්‍ය සහ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ අවධානයට ලක්ව සිටී.