හිටපු ඇමති කෙහෙළිය ඇතුළු පිරිස ගැන විශේෂ අධිකරණ නියෝගයක්..!

Report

UPDATE -;

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනා මාර්තු 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

.............................................................................

මීට සුළු වේලාවකට පෙර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.

පසුගිය 2වැනිදා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

අනතුරුව වෛද්‍ය නිර්දේශ මත හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍ය ධුරයෙන්ද ඉල්ලා අස් වුණා.