ලංකාවටම වැදගත් දවසක්.. හරියටම අගෝස්තු 01 වැනි දා.. එදින මෙරට දේශපාලන ප්‍රබලයෙක්ට කරන්න යන විශේෂ දෙය..

Report

අද (02) අභියාචනාධිකරණය විසින් නියෝගයක් ලබා දී තිබෙනවා.

ලංකාවටම වැදගත් දවසක්.. හරියටම අගෝස්තු 01 වැනි දා.. එදින මෙරට දේශපාලන ප්‍රබලයෙක්ට කරන්න යන විශේෂ දෙය.. | Keheliya Rambukwalla

ඒ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදා හරින්නනේ ද? නැද්ද ? යන නියෝගය අගෝස්තු මස 01 වනදා ප්‍රකාශයට පත්කරන බවයි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇත.

ගාස්තුවක් වහාම පහළට.. ඒ මෙන්න මෙහෙමයි.. - සම්පූර්ණ විස්තරය මෙතනින්.

ගාස්තුවක් වහාම පහළට.. ඒ මෙන්න මෙහෙමයි.. - සම්පූර්ණ විස්තරය මෙතනින්.


ඒ අනුව නඩුවට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා ජූලි මස 15 වනදාට පෙර ගොනුකිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් පාර්ශවකරුවන්ට දැනුම් දුන්නේ ය.

මෙම පෙත්සම සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන ප්‍රශ්නගත ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේ ආරම්භයේ සිට අවසානය දක්වා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධයක් තිබෙන බව පෙන්වා දුන්නේ ය.

එමෙන්ම, ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අනුදැනුමකින් තොරව මෙවැනි ඖෂධ මිලදී ගැනීමක් සිදුකිරීමට හැකියාවක් නොමැති බවත් ය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියේදී තම සේවාදායකයා නිර්දෝෂී පුද්ගලයෙකු බව පැවසීය.

මේක නම් ඔයාට සතුටු හිතෙන දෙයක් නෙමෙයි - රට යන්න ඉන්න ඔයාට ඩබල් කරපු දෙයක් ගැනයි මේ..

මේක නම් ඔයාට සතුටු හිතෙන දෙයක් නෙමෙයි - රට යන්න ඉන්න ඔයාට ඩබල් කරපු දෙයක් ගැනයි මේ..


මෙම ඖෂධ මිල දී ගැනීමේ ක්‍රියාවලියට තම සේවාදායකයා සම්බන්ධ වූයේ සිය අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් ලැබුණු උපදෙස් මත බවත් ඊට ඔහුගේ පෞද්ගලික මැදිහත්වීමක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

කෙසේ වෙතත්, ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණ.