“මම කියන්න තියෙන දේ මෙන්න” – කෙහෙළියගේ ඥාතියාගේ පැයක අධිකරණ හෙළිදරව්වක්

Report

කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් නීතිවිරෝධීව උපයාගත් රුපියල් කෝටි 74.8ක මුදල් විශුද්ධිකරණය කිරීමේ ක්‍රියාවලියට ආධාර අනුබල දුන් බවට චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි ව්‍යාපාරික නිමල් සිසිර කුමාර මහතා කොළඹ මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා හමුවේ ඊයේ (10) පැයක පමණ කාලයක් රහස් ප්‍රකාශයක් ලබා දුන්නේය.

මහේස්ත්‍රාත්වරයා සැකකරුට එම රහස් ප්‍රකාශය හොඳින් සිතා බලා ස්වේච්ඡාවෙන් ලබා දිය යුතු බව දැනුම් දුන් අතර, එය ලබා දීමෙන් පසුව සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඥාතියකු වන බණ්ඩාර රඹුක්වැල්ල (සෙනෙවිරත්න බණ්ඩාර රඹුක්වැල්ල ලෙසද හඳුන්වයි) සහ ව්‍යාපාරික නිමල් සිසිර කුමාර යන සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් නීතිඥ මඬුල්ල විසින් ඉදිරිපත් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ 50 බැගින් (රු. 5,000,000 බැගින්) වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළේය.

කස්සප හිමි ඇතුළු භික්ෂූන් පිරිසක් අද උසාවියට

කස්සප හිමි ඇතුළු භික්ෂූන් පිරිසක් අද උසාවියට

එසේම, සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරමින්, ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසත්, එම නියෝගය ආගමන විගමන පාලකයා වෙත දන්වා යැවීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම සැකකරුවන් පසුගිය දා අල්ලස් කොමිෂන් සභාවේ (CIABOC) විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. 2011 අංක 40 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වැරදි සිදුකිරීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා ඔවුන්ට එරෙහිව ගොනු කර ඇත.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් නීතිවිරෝධීව උපයාගත් රුපියල් කෝටි 74.8ක (රු. 748,000,000) මුදල් විශුද්ධිකරණය කිරීමේ ක්‍රියාවලියට සහාය වූ බවට චෝදනා එල්ල වී ඇති අතර, සැකකරු නිමල් සිසිර කුමාර මහතා එම මුදලෙන් රුපියල් ලක්ෂ 300ක් සන්තකයේ තබාගැනීමට සම්බන්ධ බවටද චෝදනා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ප්‍රගතිය ඇතුළත් වැඩිදුර වාර්තාවක්ද ඊයේ අධිකරණය හමුවේ ඉදිරිපත් කෙරිණි.

ඉස්සෙල්ලා බලන්න ඕනේ 'ටිප්ටොප් මනමාලයා' කොච්චර කාලයක් එළියේ ඉඳියිද කියලා - නලින්ද

ඉස්සෙල්ලා බලන්න ඕනේ 'ටිප්ටොප් මනමාලයා' කොච්චර කාලයක් එළියේ ඉඳියිද කියලා - නලින්ද