ආන්දෝලනාත්මක ඉමියුනොග්ලොබියුලින් සිද්ධියට හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු 8කට අද ලැබුණු තීන්දුව මෙන්න.
ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු ජුනි මස 14 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනගාර ගතකර තිබෙනවා.
ඒ, සැකකරුවන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එමෙන්ම එම සිද්ධියේ 04 වන සැකකරු ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් සහ ලක්ෂයක මුදල් ඇපයක් මත මුදාහැර තිබෙනවා.