සමාජ මාධ්‍ය හොල්ලපු කාන්තාවට පහරදීමේ වීඩියෝවේ ඇත්ත ගැන පොලීසියෙන් හෙළිදරව්වක්

Report

රාත්‍රී කාලයේ රථයක් අසල සිටි කාන්තාවකට පුද්ගලයින් දෙදෙනෙකු විසින් බැනවදිමින් පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වීම සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

විමර්ශනවලදී වීඩියෝවේ දැක්වෙන ප්‍රධාන සැකකරු හඳුනාගෙන ඇති අතර, පහරකෑමට ලක්වූ බවට පෙනී සිටින කාන්තාව සහ පහරදීම සිදුකළ බවට සැකකළ පුද්ගලයා පොලිස් ස්ථානය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඔවුන් ලබාදුන් ප්‍රකාශ අනුව, 2026 ජුනි 23 දින සිදුකර ඇති මෙම සිද්ධිය විහිළු ස්වභාවයේ රැවටීමක් (Prank) ලෙස සැලසුම් කර රූගත කළ එකක් බව අනාවරණය වී ඇත.

පොලිසිය සඳහන් කළේ, සිද්ධිය පටිගත කළ වීඩියෝව දෙපාර්ශවයේම මිතුරෙකු විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවත්, එය කාන්තාවගේ නිවස ආසන්නයේදී රූගත කර ඇති බවත්ය.

විමර්ශනවලින් දෙපාර්ශවය අතර කිසිදු අපරාධමය සිදුවීමක් සිදුව නොමැති බව තහවුරු වී ඇති අතර, ඒ අනුව සැකකරුට අවවාද කිරීමෙන් අනතුරුව මුදාහැර ඇති බව කෑගල්ල පොලිසිය ප්‍රකාශ කළේය.


Gallery