තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැතිව, අරගල නැතිව රට ගොඩගන්න තිබුණා..ගේන්න හදපු ඩොලර් බිලියන 07න් කොමිස් ඉල්ලූ මන්ත්‍රීවරයෙක් ගැන ආන්දෝලනාත්මක හෙළිදවිවක්.(VIDEO)

Sri Lanka Politician Sri Lanka Election Sri Lanka Presidential Election 2024
By Aruna Sep 09, 2024 10:28 AM GMT
Aruna

Aruna

Report

ලංකාවේ පවතින විදුලි අර්බුධයට විසදුමක් ලෙස සූර්යය බලශක්තිය එනම් වහලය මත සූර්ය පැනල් සවිකිරීම රටට මුලින්ම හදුන්වා දීමට කටයුතු කළ සූර්ය බලශක්ති සංග්‍රාමයේ නිර්මාතෘවරයා විසින් විශේෂ හෙළිදරවිවක් සිදු කර තිබෙනවා.

මේ ගැන තමයි අද අපි කියන්න බලාපොරොත්තු වෙන්නෙ.

ඒ මෙවර ජනාධිපතිවරණය සඳහා අපේ ජනබල පක්ෂයෙන් අපේක්ෂකයෙක් ලෙස තරඟ කරන කීර්ති වික්‍රමරත්න මහතා ය.

කීර්ති වික්‍රමරත්න මහතා කර්මාන්ත හා බලශක්ති ඉංජිනේරුවරයෙක් ද වනවා. මේ අතර ඔහු විසින් ඔබ මෙතෙක් නොඇසූ විශේෂ හෙළිදරව්වක් ද සිදු කරනු ලැබීය.

ඒ යූටියුබ් නාලිකාවක පැවති වැඩ සටහනකට එක් වෙමින්.

ලබන 13 වන දින පලාතක පාසල් වල සිදුවෙන්න යන විශේෂ දේ ගැන දැනුම්දීමක්..

ලබන 13 වන දින පලාතක පාසල් වල සිදුවෙන්න යන විශේෂ දේ ගැන දැනුම්දීමක්..


අපේ රටේ පසුගිය කාලයේ ආර්ථිකය කඩා වැටීමට මාස 10කට පෙර ඔහු විසින් ඊට විසඳුමක් ලෙස ජර්මනියෙන් ඩොලර් බිලියන 07ක් ලංකාවට ඉතාමත් අඩු පොලී වටිනාකමක් යටතේ ගෙන්වීමට කටයුතු කළ බව ඒමහතා විසින් හෙළිකරනු ලබයි.

නමුත් මෙම ආර්ථික අවපාය ගැනත් ඉදිරියේදී රටේ ඇතිවන තත්ත්වය ගැනත්, කීර්ති මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ එවකට සිටි ජනපතිවරයාට හැර අනෙකුත් සියලුම දෙනාට ප්‍රකාශ කළ බවත් ඒ මහතා විසින් අවධාරණය කරයි.

එහිදී මේ සම්බන්ධයෙන් මෙරට ප්‍රධානතම බැංකු දෙකක් වන ලංකා බැංකුව සහ මහ ජන බැංකුව යන ආයතනයන්ටද පැවසූ බවත් ඒ මහතා අවධාරණය කරයි.

එවන් තත්ත්වයන් තුළ මෙම විශාල මුදල ලංකාවට ගෙන ඒ මේදී කුරුණෑගල දිස්තික්කයේ එවකට සිටි මන්ත්‍රීවරයෙක් මෙම මුදල හරහා කොමිස් මුදලක් ඉල්ලූ බවත්, ජර්මනිය වැනි රටකින් මෙවැනි විශාල මුදලක් ගැනීමේදී එලෙස මුදලක් නොදෙන බව කීර්ති වික්‍රමරත්න මහතා පැවසූ බවද මෙම වැඩ සටහනේදී හෙළි කළා.

එහිදී ප්‍රශ්න විමසූ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් දිගින් දිගටම මේ ප්‍රශ්නය ගැන විමසීමේදී එම මුදල ලංකාවට ගෙන ඒමේදී අකමැති වූ පුද්ගලයා ගේ නම ප්‍රකාශ කිරීමට කීර්ති මහතා මැලිවන්නට වුණා.

එම අවස්ථාවේ චමුදිත මහතා විසින් ප්‍රසිද්ධියේ ඔහු ගැන ප්‍රකාශ කළ නොහැකි නම් ඔහු තමන්ට පමණක් දැනගැනීමට කොළයක ලියා දෙන ලෙසටද ප්‍රකාශ කළා.

ලංකාවේ විශාල පිරිසක් බලාසිටිය විභාගයක ප්‍රතිඵල අද නිකුත් කරයි..මෙනින් බලන්න.

ලංකාවේ විශාල පිරිසක් බලාසිටිය විභාගයක ප්‍රතිඵල අද නිකුත් කරයි..මෙනින් බලන්න.


ඒ මොහොතේ තීර්ති මහතා විසින් එම පුද්ගලයාගේ නම කොළයක ලියාදුන් අතර, එම අවස්ථාවේ චමුදිත විසින් විවිධ හරස් ප්‍රශ්න විමසමින් ඔහු කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් බවත්,මහාචාර්ය වරයෙක් බවත්, අනුර, සජිත් සහ රනිල් යන පාර්ශව 03 නියෝජනය නොකරන බවත් තහවුරු කර ගනු ලැබීය.

කෙසේ නමුත් මෙම මන්ත්‍රීවරයා කවුරුන්ද යන්න ගැන පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට අනුමාන කර ගත හැකිවේ.