සියදිවි හානිකරගත් කඩුලු පැනීමේ ශූරී කෞශල්‍යා අවසන් වරට ලියා තිබූ දේ මෙන්න..(VIDEO)

By Aruna Apr 25, 2022 01:27 AM GMT
Report

මෙරට මීටර් 400 කාන්තා කඩුලු පැනීමේ ශූරිය වූ කෞශල්‍යා මධුශානි හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

25 හැවිරිදි ඇය දුම්මලසූරිය, තෝරබිත්තිය, පඩිවෙල පිහිටි සිය නිවසේදී ගෙළ වැළලාගෙන දිවි හානි කරගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.

කුලියාපිටිය මධ්‍යම මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඇය ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ජාතික තලයේ මළල ක්‍රීඩා ක්ෂේත්‍රයට පිවිසුණා.

පසුගිය දා පැවති 100 වන ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේදී කෞශල්‍යා මධුශානි කාන්තා මීටර් 400 කඩුළු පැනීමේ ඉසව්ව ජයග්‍රහණය කළේ තත්ත්පර 58.73ක කාලයක් සටහන් කරමින්.

මධුශානි සියදිවි හානි කර ගැනීමට ප්‍රථම ලිපියක් ද ලියා ඇති අතර, තම මරණයට කිසිවෙකු වග කිව යුතු නැති බව ද ඇය එහි සඳහන් කර තිබුණා.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery