කටුනායක අධිවේගයේ පිවිසුම මංතීරු 4ක් කරයි

Report

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සීදුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් ඇතුළුවීම සඳහා මංතීරු 4ක් අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි විවෘත කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.

මෙම නව ප්‍රවේශ මංතීරු අතර ඉලෙක්ට්‍රොනික ගාස්තු මංතීරුවක් (ETC Lane) සහ ටිකට්පත් මංතීරු 3ක් ඇතුළත් වන අතර, පැය 24 පුරාම විවෘතව ක්‍රියාත්මක වේ.

දෛනිකව අධිවේගී මාර්ගයට ඇතුළුවන දහස් සංඛ්‍යාත රථවාහන සඳහා ඇතිවන ප්‍රමාදයන් වළක්වා ගැනීම මෙම පියවරේ ප්‍රධාන අරමුණ වේ.

ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ මංතීරුවේ සමහර රියදුරන් නොදැනුවත්කම නිසා වාහන ධාවනය කිරීමෙන් ඇතිවූ ප්‍රමාදයන් වැළැක්වීම සඳහා එම මංතීරුව නිල් පැහැති වර්ණයෙන් සලකුණු කර තිබේ. එම මාර්ග කොටසේ පැයට කිලෝමීටර් 15ක වේග සීමාවක් ද පවත්වාගෙන යාමට කටයුතු කර ඇත.

මෙම වෙනස්කම් රියදුරන්ට වඩා සුමට සහ වේගවත් ප්‍රවේශයක් ලබාදෙනු ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි.