ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ විහාරස්ථාන රැසක කඨින පූජෝත්සවයන් ගැන දැනුම්දීමක්..
ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුල්මුඩේ ග්‍රාමයේ ස්ථාපිත ආසිරිකන්ද පුරාණ රජමහා විහාරය හෙවත්,අරිසිමලය වන සෙනසුන් සංචිතය උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය සුරක්ෂිත කරමින් මේ වන විට වන සෙනසුන් 30 කට අධික ප්‍රමාණයක් ගුණ පුරණ සිල්වත් භාවනානුයෝගීව දෙස් විදෙස් මහා සංඝයා වැඩසිටින පුණ්‍ය භූමියකි.
පහත සඳහන් ආරණ්‍ය සේනාසනයන්හි 2023 වර්ශයේ පැවැත්වීමට නියමිත කඨින මහා පූජෝත්සවය 2023 .10.29 වන දින සිට 2023.11.26 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
මෙම මාහැගි උතුම් පිංකම් සඳහා සිය දායකත්වය සපයමින් සම්බන්ධවන්නට විශේෂ අවස්ථාවක් සැමට උදාවී තිබේ.
ඒ අනුව අදාල විහාරස්ථානයන් සහ කඨින පූජෝත්සවයන් පවත්වන දිනයන් පහත පරිදි වේ.
