අද සිට කතරගම යන අයට විශේෂ පණිවුඩයක්..
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය අද (19) සිට ආරම්භ වනවා.
මෙලෙස ආරම්භ වන පෙරහැර මංගල්‍යය අද (19) සිට ලබන මස (03) වැනිදා දක්වා පැවැත්වීමට තියමිතව තිබේ.
මේ අතර, වගකීමෙන් යුතුව නිසි පරිදි කසළ බැහැර කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, කතරගම ඇසළ පෙරහර මංගල්‍යය නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර සිටී.
මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන්නේ, පෙරහැර කාලය තුළ කතරගම පූජා භූමිය , මැණික් ගඟ ඇතුළු ප්‍රදේශවල ඝන අපද්‍රව්‍ය ටොන් 1,700ක පමණ ප්‍රමාණයක් ගොඩගැසෙන බවයි.
ඒ අනුව පොලිතින් මලු වෙනුවට පරිසර හිතකාමී මලු ලබාදීම ඇතුළු පරිසර හිතකාමී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.