මයෙ අතිශය තුරුණු සරාගී බිරින්දෑවනි...' උපන්දිනය සමරන මාධවී ඇන්තනීට සැමියා කසුන් ලියපු පිස්සු හැදෙන උපන්දින සුබපැතුම මෙන්න

Report

  මාධවී ඇන්තනී කිව්වම අපි කවුරුත් දන්න දක්ෂ නිළියක්නේ . අපට හිටපු ජැක්සන් ඇන්තනී ආදරණීය කලාකරුවගේ එකම දියණිය තමයි මාධවී ඇන්තනී කියන්නේ . මේ දිනවලනම් ආදරණීය පුතු සැමියා කසුන් එක්ක සුන්දර ජීවිතයක් ගත කරනවා .

ඇයගේ සමාජ මාධ්‍ය වීඩියෝ වලටත් බොහෝ දෙනෙක්ගේ ප්‍රතිචාර මේ වෙද්දී ලැබෙනවා ඉතිං කවුරුත් දන්න මාධවී අද ඔන්න උපන්දිනය සමරනවා .

ඉතිං මාධවී ආදරණීය සැමියා අපූරු සටහනක් සමග උපන්දින සුබ පතුමක් එක්කරලා තිබුණා .

"ජීවිතයේ කිසිම දෙයකට ඕනෑවට වඩා රණ්ඩු වෙන්න එපා" -ජනිත් වික්‍රමගේ පියාගේ වචන මතක් කරමින් තැබූ සංවේදී සටහන

"ජීවිතයේ කිසිම දෙයකට ඕනෑවට වඩා රණ්ඩු වෙන්න එපා" -ජනිත් වික්‍රමගේ පියාගේ වචන මතක් කරමින් තැබූ සංවේදී සටහන

බලන්නකෝ ඒ සටහන

මයෙ ප්‍රාණසම සදාදරී මා බාරි Madhavee වෙත ලියමි

, අප මුල්වරට හමුවූයේ අතුලයියා ගැයූ ආකාරයට 'මේ චණ්ඩ සූර්‍ය නගරේ දුහුවිලි සරනා' අතරතුරේ ය. Saman මාමා ලියූ විලසට මැ 'සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා' සුරන් ලිය වෙමින් පෙමින් සෙමින් සෙමින් මසිතේ ගතේ වතේ නෙතේ නුඹ මැ පැලපදියං වෙච්චි. එතැන් පටන් හද ප්‍රේම පාරමිතාව රළ නඟන්ට ගත් බැවිනි, බයිබලයේ 'කොරින්ති දහතුන' වාගේ අපේ ආදර මහා රුක දළුලන්ට ගත්තේ ; ප්‍රේමය ඉවසිලිවන්ත වූයේ , කරුණාවන්ත වූයේ , නපුරු සිත් හි ධාරණය නුවූයේ. මහැදුරු සරච්චන්ද්‍ර කීවාක් මෙනි ය 'නැත ලොවේ අන් රසඳුනා - ආදරේ සේ සුවදෙනා' බැව් මට - නුඹට - අපට අහ අහා දැනී දැනුණේ. සත්තමයි❤️

ලොවක ගල්මුල් මැද පවා ස්නේහයේ අක්මුල් සිඹ සිඹ මා ද නුඹ ද බෝ දුර අතිනත පටලාගෙන ඇවිද ආයෙමු. සියල් දුක් පැණිරස ම බැව් අපි අපට කීවෙමු. අපට ගසනා ගල් මතින් පිය නඟමින් මැ පුෂ්ප උද්‍යානයක් තැනීමු. 'සත්‍යය නොදන්නා හෙයින් උනුන් හට සමාව දෙන්ට' කී ජේසු වාක්කිය සිහි කැඳවමිනි අපි අපට නිකරුණේ බිනිනා, අපහාස කරනාවුන්ට ද කරුණාව පෑයේ.

ඒං ඊට මේ විශ්වයේ සෙත් ආශීර්වාදය ලැබුණාක් සේ ය අපේ සරණ මංගල්ලයෙන් පසු මහද මහමේරුව සරි බෝ පිනැති 'කෛලාෂ් පුත්‍රයා' නුඹේ මව්කුසින් මෙලෝ උප්පත්තිය ලද්දේ. නුඹ තුන් ලෝ අසමසම 'අම්මා' වූයේ. ඇස් පියෙන රැයේදීත් , ඇස් හැරෙන හිමිදිරියේත් මයෙ පපුතුරෙහි ලැඟුම් ගන්නී සුගන්ධී හෙට ද නුඹ මැ ය. ජීවිතේ මධු මදිරාව නහවන්නී නුඹ මැ ය. වයස යනු ඉලක්කමක් පමණක් ම බැව් දිනපතා මට සපථ කරනා මයෙ අතිශය තුරුණු සරාගී බිරින්දෑවනි ඉදින් සුබ උපන් දවසක් වේවා🥰😘

මං ඔයැයිගෙ, සාංසාරික ස්වාමි පුරුෂයා ! |

මහේන්ද්‍ර හීනටිගල 

GalleryGalleryGalleryGalleryGalleryGallery