අභිරහස් ලෙස මියගිය කපිල චන්ද්‍රසේනගේ මුදල් පසුම්බි හමුවෙයි - මරණයේ සුළමුල හෙළිවෙන ලකුණු

Report

අබිරහස් ලෙස මියගිය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය හතරවන දිනටත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරිපිට අධිකරණය හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මියගිය කපිල චන්ද්‍රසේන පදිංචිව සිටි නිවසේ තිබී ඔහුගේ මුදල් පසුම්බි දෙකක් හමුවී තිබෙන බව සඳහන් කළේය.

කපිල චන්ද්‍රසේනගේ අභිරහස් මරණය - මහේස්ත්‍රාත් පරීක්ෂණය අද ආරම්භයි

කපිල චන්ද්‍රසේනගේ අභිරහස් මරණය - මහේස්ත්‍රාත් පරීක්ෂණය අද ආරම්භයි

මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මරණකරුගේ ජංගම දුරකථනය විවෘත කිරීමට ගෙන තිබෙන ක්‍රියාමාර්ග කවරේදැයි විමසා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් පොලිසිය කියා සිටියේ අදාළ ජංගම දුරකථනය විවෘත කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා එය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන බවයි.

විමර්ශන සදහා ජංගම දුරකථනය විවෘත කිරීම අවශ්‍ය වන අතර, විමර්ශන කඩිනමින් කිරීමට කටයුතු කරන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරයා පැවසුවේය.

පාසල් දරුවන් අනතුරේ දෙමව්පියන්ගේ අවදානයට - භයානක වෛරස් මෙනින්ජයිටිස් රෝගි තත්ත්වයක් පැතිරෙයි

පාසල් දරුවන් අනතුරේ දෙමව්පියන්ගේ අවදානයට - භයානක වෛරස් මෙනින්ජයිටිස් රෝගි තත්ත්වයක් පැතිරෙයි