අවසන් කුඹල් පෙරහැර බලන්න එන ඔයාට විශේෂ දැනුම්දීමක් - දැනුවත් වෙලාම එන්න
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පස්වන කුඹල් පෙරහැර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් පොලීසිය විසින් ක්‍රියාත්මක කර තිබේ.
මෙම පස්වන කුඹල් පෙරහැර අද (22) පස්වරු 6.28 ට යෙදෙන සුභ මොහොතින් ශ්‍රී දළදා මාලිගාවෙන් වීථි සංචාරය ආරම්භ කිරීමට නියමිතය. අනතුරුව දළදා වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ කිලෝමීටර් 1.5 ක දුරක් ගමන් කර නැවත ශ්‍රී දළදා මාලිගාවට ගෙවැදීමට නියමිතව ඇත.
පෙරහැර නරඹන ජනතාවගේ ආරක්ෂාව උදෙසා සහ මහනුවර නගරයේ ගමනාගමනය සුමට ලෙස පවත්වාගෙන යාම සඳහා පොලීසිය විසින් විශේෂ විකල්ප මාර්ග හඳුන්වා දී තිබේ.
කටුගස්තොට සිට මහනුවර නගරයට පැමිණෙන සියළුම බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දියෙන් මහනුවර නගරය වෙත ගමන් කළ හැකිය.
කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන ඩී.එස්. සේනානයක වීදිය ඔස්සේ පැමිණ හරස් වීදිය ඔස්සේ යටිනුවර වීදියට පැමිණ දකුණට හැරී මීරමක්කම් පල්ලිය අසලින් වමට ධාවනය කර තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කළ හැකිය.
කටුගස්තොට දෙසට පිටවන වාහන පොලිසිය හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයියාව දෙසට ගමන් කළ හැකිය.
තැන්නේකුඹුර හා අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවතඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණ ඇහැලේපොළ කුමාරිහාමි මාවතෙන් දකුණට හැරී බෝගම්බර, දුම්රිය පොළ අසලින්ද කොළඹ දෙසට ගමන් කරන වාහන වම් පසටද, නගරය දෙසට ගමන් කරන වාහන දකුණු පසටද ගමන් කළ හැක.
එසේම රජපිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේ මහනුවර නගරයට ඇතුළු විය හැකිය.
නගරයේ සිට අම්පිටිය, තෙල්දෙණිය මාර්ගයේ ගමන් කරන වාහන ඔරලෝසු කණුව වටරවුමෙන් දළදා වීදිය ඔස්සේ පැමිණ රැජිණ හෝටලයේ පැති දොරටුව අසලින් ජෝයි බෝට්ටු සේවය පසු කර සංඝරාජ මාවත ඔස්සේ ගමන් කළ හැක.
''ඇය තම ප්‍රතිපත්තිගරුක සත්‍යයේ හඬ අවසන් මොහොත දක්වා රැකගත්තා'' - නන්දා මාලනිය වෙනුවෙන් ජනපති නිකුත් කළ ශෝක පණිවිඩය
තවද, බෝගම්බර වට රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත, රජපිහිල්ල මාවත, වේල්ස් පාර්ක් හන්දිය හරහා සංඝරාජ මාවත ඔස්සේ අම්පිටිය හා තැන්නේකුඹුර දෙසට ගමන් කළ හැකිය.
පල්ලිය පාර දෙපසට ගමන් කිරීමට හැකි පරිදි බෙදා වෙන් කර ඇත. කොළඹ දෙසින් මහනුවර නගරයට ඇතුළු වීමට හා මහනුවර නගරයෙන් කොළඹ දෙසට පිට වීමට විලියම් ගොපල්ලව මාවත හා පරණ පේරාදෙණිය පාර දෙපසටම භාවිතා කළ හැකිය.