ප්‍රධානම මාර්ගයක් අවහිර කරමින් විරෝධතාවයක් උණුසුම්කාරී වෙයි - පිරිසක් වහාම අත්අඩංගුවට

Report

පොලීසිය විසින් යාපනය නුවර ප්‍රධානය මාර්ගය අවහිර කරමින් කිලිනොච්චිය ප්‍රදේශයේ පැවති විරෝධතා පා ගමනක් අතරතුරදී යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 5ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විරෝධතාවය පවත්වා තිබුණේ, උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළු වෙනුවෙන් ස්ථිර විසඳුමක් නොලැබීම, මාධ්‍ය නිදහසට බාධා කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා ඇතිවන පනත් සම්මත කර ගැනීම හා වර්තමානයේ ජනතාවට දරාගැනීමට නොහැකි ගැටළු වෙනුවෙන් විසදුම් නොලැබීම යන කරුණු මුල්කරගනිමින් ය.

මෙම විරෝධතා පා ගමන සඳහා ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නව නායක එස්.ශ්‍රීධරන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියේය.

Sponsored By Sarrita Jewellery

ප්‍රධානම මාර්ගයක් අවහිර කරමින් විරෝධතාවයක් උණුසුම්කාරී වෙයි - පිරිසක් වහාම අත්අඩංගුවට | Kandy Jaffna Road Protest