රටම බලා සිටි මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවීම ගැන දියවඩන නිලමේගෙන් දැනුම්දීමක් - හෙට සුබ මොහොතින් ඇරඹෙයි
මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවීමේ චාරිත්‍රය හෙට (13) දින සුබ මොහොතින් සිදු කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල දැනුම් දෙයි.
ඔහු මේ බව සඳහන් කළේ පෙරහර සම්බන්ධීකරණ හා ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් දළදා මාලිග පරිශ්‍රයේ ඊයේ පැවැති සාකච්ඡාවකදීයි.
මෙවර 2026 කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්ලය අගෝස්තු 18 වැනිදා සිට 28 වැනි දින තෙක් මහනුවරදී පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව හෙට පෙරවරු 6.17ට උතුරු දිශාභිමුඛව පෞරාණික චාරිත්‍රානුකූලව පේකොට තබන ලද “පණස” වෘක්ෂයේ ශාඛාවක් ගෙන මහනුවර සිව්මහා දේවාලවලදී මෙවර ඇසළ පෙරහර මහා මංගල්ලය සඳහා කප් සිටුවීම සිදුකිරීමට නියමිතව ඇත.
ඇසළ පෙරහර මහා මංගල්ලයේ ආගමික හා සංස්කෘතික චාරිත්‍රානුකූල කටයුතු ආරම්භ කිරීම සනිටුහන් කරන මෙම කප් සිටුවීම පෞරාණික චාරිත්‍ර අනුව සිදු වේ.