සිලින්ඩරේ යුද්ධය අවසන්.? - ජාතික ලැයිස්තුවේ උඩටම ආව දෙන්න ගැන ලැබුණු ආරංචිය මෙන්න.

Parliament of Sri Lanka Sri Lanka Politician Kanchana Wijesekera
By Wayomi Nov 18, 2024 07:14 AM GMT
Wayomi

Wayomi

Report

මහ මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නායකත්වය දෙන ලද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හෙවත් සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක හිටපු බල ශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර හා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරවලට පත්කිරීම සඳහා අද (18) උදෙසන පැවැති සාකච්ඡාවකදී යෝජනා වු අතර එම යෝජානවට බහුතර කැමැත්ත පලකර ඇති බව මල් පාර කාරියාලයේ ආරංචි මාර්ග පවසනවා.

නමුත් පසුගිය දිනවල එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සඳහා ටිරාන් අලස්, දිනේෂ් ගුණවර්ධන, රවී කරුණානායක, සාගල රත්නායක, රුවන් විජේවර්ඩන, තලතා අතුකොරල හා ශෙර්මිලා පෙරේරාගේ නම් යෝජානා වු පසුබිමක එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරපු පිරිසක් මෙම යෝජනාවට ව්රෝධතාවය ප්‍රකාශ කර අතර මෙම ජාතික ලෑස්ති මන්ත්‍රී ධූර දෙකම තරුණ දේශපාලනයෙක්ට දෙන ලෙස යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම පිරිස නායකත්වය සමඟ කන්න්සල්ලෙන් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් හිමිව තිබෙන ජාතික ලයිස්තු මන්ත්‍රී දුරයන්ට නම් කිරීම දින කිහිපයකට කල් යනු ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 0
    Jathika Jana Balawegaya
    0%
  • SJB 0
    Samagi Jana Balawegaya
    0%
  • NDF 0
    New Democratic Front
    0%
  • ITAK 0
    Ilankai Tamil Arasu Kadchi
    0%
ReeCha