රට පුරා ඉන්දන පෝලිම් වලට හේතුව අනාවරණය වෙයි.. ඇමති කංචනගෙන් ප්‍රකාශයක්
සියලුම ඉන්ධන පිරවුම්හල් සඳහා අවශ්‍ය තරම් ඉන්ධන තොග හෙට දිනය ඇතුළත ලැබෙනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කර තිබෙනවා.
තෙල් සංස්ථා හා ඉන්දීය තෙල් සමාගමේ බවුසර මගින් ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව මේ වන විට සිදුකරන බවත් ඇමතිවරයා කියා සිටින අතර මැයි මස 27 සිට 31 දක්වා කාලය තුළ ඉන්ධන පිරවුම්හල් 121කින් කිසිදු ඉන්ධන ඇණැවුමක් සිදු කර නොමැති බවට තොරතුරු හෙළි වී ඇති බව ද ඇමතිවරයා පවසනවා.
එම පිරවුම්හල් ප්‍රමාණවත් අවම ඉන්ධන තොග පවත්වා ගැනීමට ප්‍රමාණවත් ඇණවුම් ලබා දී නැත බවත් පවසන අමාත්‍යවරයා ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති පිරවුම්හල්වල බලපත‍්‍ර සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව ද තවදුරටත් කියා සිටිනවා.