රට පුරා ඉන්දන හිගයක්.. ද..? ඇමති කංචන හදිසියේ කළ ප්‍රකාශය...
ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා අයි.ඕ.සී සමාගම සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවයි.
මේ අතර ඇතැම් ප්‍රදේශවල යම් ඉන්ධන හිඟයක් නිර්මාණය වී ඇත්තේ මිල සංශෝධනය සැලකිල්ලට ගනිමින් ඇතැම් ඉන්ධනහල් හිමියන් ඉන්ධන ඇණවුම් නොකිරීම හේතුවෙන් බවද කංචන විජේසේකර අමාත්‍යවරයා සදහන් කළා.
අලෙවි නියෝජිතයින් විසින් සියයට 50ක අවම ඉන්ධන තොගයක් සෑමවිටම පවත්වාගෙන යායුතු වනවා.
මෙහිදී ඒ ආකාරයෙන් කටයුතු නොකරන ඉන්ධනහල් සමාලෝචනය කර ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවන ලෙස ඛනිජ තෙල් සංස්ථාව වෙත තමා දැනුම් දුන් බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.