ආරක්ෂක ලේකම් ගෙන් විශේෂ දැනුම් දීමක්..

By Aruna May 10, 2022 03:42 AM GMT
Report

ආර්ථික වශයෙන් සියලු දෙනා පීඩාවට පත්ව සිටින මොහොතක ගහ මරා ගැනීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නොලැබෙන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

සාමකාමීව කටයුතු කරන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.

අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත්වී ඇති හෙයින් ඉදිරි කටයුතු සිදුවන ආකාරය ගැන බලාගෙන සිටිමු යැයි පැවසූ ආරක්ෂක ලේකම්වරයා රටේ සාමකාමී බව ඉදිරි පැවැත්මට ඉතා වැදගත් වන බවද ප්‍රකාශ කළේය.

විශාල විනාශයක් දැනටමත් සිදුවී අවසන් බවද ඔහු කිවේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now