'දිට්වා' කුණාටුවෙන් හානි වූ කාක්කයිතීව් - සාවර්කට්ටු ධීවර තොටුපොළ ප්‍රතිසංස්කරණය ඇරඹෙයි
දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ කාක්කයිතීව් - සාවර්කට්ටු ධීවර සමිතියේ ධීවර තොටුපොළ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඊයේ (10) නිල වශයෙන් ආරම්භ කෙරිණි.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය සඳහා ධීවර අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 2.1ක මුදලක් වෙන් කර තිබේ.
ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් අභිනව රන් කරඬුවක් - මුළු බරෙන් කිලෝග්‍රෑම් 65.224ක්ම රත්තරන් - ලංකාවම හොයපු අලුත් රන් කරඬුවේ විස්තරේ මෙන්න
සාවර්කට්ටු ධීවර ජනතාව විසින් කරන ලද දීර්ඝකාලීන ඉල්ලීමකට අනුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ රාජ්‍ය ආයතනවල පූර්ණ අනුමැතිය සහිතව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹී ඇත.
ඒ අනුව තොටුපොළේ රැඳී ඇති පාසි ඉවත් කර පිරිසිදු කිරීම සහ පස් පුරවා තොටුපොළ භූමිය සකස් කිරීම සිදු කිරීමට නියමිත අතර, එමගින් ධීවරයන්ට කිසිදු බාධාවකින් තොරව සිය රැකියාවේ නිරත වීමට පහසුකම් සැලසෙනු ඇත.