හැමෝම ආදරය කරන කාජල් අරන් තියෙන අලුත්ම දේ මෙන්න

Bollywood Kajol
By Shehan Mar 12, 2025 08:50 AM GMT
Shehan

Shehan

Report

OTT හි අවසන් වරට 'The Trial' කතා මාලාවේ පෙනී සිටි කාජල්, දැන් ඇගේ ඊළඟ චිත්‍රපටයට වන 'Maa' සඳහා සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.

ඇය මෑතකදී චිත්‍රපටයේ පෝස්ටරය බෙදාගෙන ඇති අතර, එහිදී ඇය කෙරින් ෂර්මා විසින් රඟපාන තම දියණිය ආරක්ෂා කිරීමට උත්සාහ කරන මවක් ලෙස දරුණු අවතාරයකින් පෙනී සිටින චරිතයකින් ප්‍රේක්ෂකයා අතරට පැමිණීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. . මේ අතර, චිත්‍රපටවලට අමතරව, ඇය අලුතෙන් නව දේපලක් මිලදී ගෙන ඇති බව වාර්තා වෙන අතර ඒ දේපළ රුපියල් කෝටි 28.78ක් වෙනවලු.

නිළි රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දැන් ලැබුණු පුවතක්!

නිළි රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දැන් ලැබුණු පුවතක්!

IndexTap.com හි දේපල වාර්තාවලට අනුව ඇය මුම්බායි හි ගෝරේගෝන් බටහිර ප්‍රදේශයේ රුපියල් කෝටි 28.78 ක් වටිනා වාණිජ දේපලක් මිලදී ගෙන ඇති බව වාර්තා වෙනවා වගේම මෙය බන්ගුර් නගර් හි භාරත් අරයිස් හි බිම් මහලේ සාප්පු අංක 1 බවයි වාර්තා වන්නේ.

කව්රුත් දන්න හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු ගමන් දික්කසාද වෙයි - වෙන් වූ හේතුව මෙන්න!

කව්රුත් දන්න හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු ගමන් දික්කසාද වෙයි - වෙන් වූ හේතුව මෙන්න!

ඇය ගත් මේ වාණිජ දේපල වර්ග අඩි 4,365 ක වපසරියකින් යුක්ත වන අතර මෙම ගනුදෙනුවට වාහන නැවැත්වීමේ ස්ථාන පහක් ඇතුළත් වන බව තමා කියන්නේ. ගනුදෙනුව වර්ග අඩියකට රුපියල් 65,940 ක අනුපාතයකින් ඉවර කරලා තියෙනවා.ඒ හැමදේටම මුළු පිරිවැය රුපියල් කෝටි 28.78 ක් භාවිතා වෙලා කියලා තමා ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

මේ අතර, කාජල්ගේ ඊළඟ චිත්‍රපටය වන 'මා' ජුනි 27 වන දින නිකුත් කිරීමට සියලු වැඩ ලෑස්තිලු. ආරංචි මාර්ග වාර්තා කරන විදියට 2025 ජුනි 27 වන දින සිනමා ශාලාවල චිත්‍රපටය තිරගත වෙනවලු.

ReeCha