“ජනතාව අවදි කළ හඬක්” – නන්දා මාලනියගේ වියෝව ගැන ජනතා විමුක්ති පෙරමුණෙන් සංවේදී පණිවිඩයක්

Report

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනියගේ අභාවය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණද සිය ශෝකය පළ කර තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ශෝක පණිවිඩයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ, ජනතාව අවදි කළ හඬක් මෙන්ම ජනතාව වෙනුවෙන් කැප වූ දිරිය සම්පන්න දිවියක් නන්දා මාලනිය සතු වූ බවයි. එම ශෝක පණිවිඩයේ මෙලෙස සඳහන් කර තිබෙනවා.

“හඬක් විය ඔබ

දනන් නින්දෙන් මිදූ

හදක් විය ඔබ

දනන් සමගින් සසල වූ

දිරිය ඔබ සතු විය

ගිරි ශිඛර පැරද වූ

දිවියක්ය ඔබ සතු

දනන් වෙනුවෙන් කැප වූ...

ආදරණීය නන්දා මාලනියනි,

ඔබට අපගේ ආචාරය!”

ඔබ සදානුස්මරණීයයි.. දේශයම හඬවා නිහඬ වූ විශාරද නන්දා මාලනී‍ය වෙනුවෙන් ජනපතිගෙන් ශෝක සටහනක්

ඔබ සදානුස්මරණීයයි.. දේශයම හඬවා නිහඬ වූ විශාරද නන්දා මාලනී‍ය වෙනුවෙන් ජනපතිගෙන් ශෝක සටහනක්

ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනියන්ගේ අභාවය වෙනුවෙන් අගමැතිනියගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ශෝක ප්‍රකාශයක්

ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනියන්ගේ අභාවය වෙනුවෙන් අගමැතිනියගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ශෝක ප්‍රකාශයක්

Gallery