ඔබත් විවාහ වෙබ් අඩවිවල ජයාරූප පළ කරනවා නම් මේක වැදගත්. ආශාවක් ගිය දුරක්.....

India Hyderabad Puducherry Police
By Gagana Feb 24, 2024 11:04 AM GMT
Gagana

Gagana

Report

ඉන්දියාවේ හයිද්‍රාබාද්හි, ව්‍යාපාරික කාන්තාවක් විසින් රූපවාහිනී නිවේදකයෙක් පැහැරගෙන ගොස් ඔහු විවාහ කර ගැනීමට උත්සාහ කළ පුවතක් වාර්තා වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ අදාළ කාන්තාව මීට වසර දෙකකට පමණ පෙර මෙම පුද්ගලයාගේ ඡායාරූපයක් විවාහ වෙබ් අඩවියකින් දැක ඔහු කෙරෙහි ආශාවක් ඇති කරගෙන ඇති බවයි.

මෙම කාන්තාවන් පසුව ඔහුගේ දුරකථන අංකය සොයාගෙන ඇමතුමක් ලබා දී ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ කිසියම් අයෙකු විසින් තමාගේ ඡායාරූපය යොදාගෙන අදාළ විවාහ වෙබ් අඩවියේ ව්‍යාජ ගිණුමක් නිර්මාණය කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙය පිළිනොගත් කාන්තාව වසර ගණනාවක සිට ඔහු පසුපස ලුහුබැඳ ඇති අතර පසුගිය දිනෙක ඔහුව විවාහ කර ගැනීමේ අරමුණින් පැහැරගෙන ගොස් තිබෙනවා. මේ සඳහා පුද්ගලයන් සිව් දෙනෙක් කුලියට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පැහැරගත් රූපවාහිනී නිවේදකයා පවසා ඇත්තේ අදාළ කාන්තාවගේ කාර්යාලයේදී තමාට පහරදී වදහිංසා කළ අතර කාන්තාවගේ දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමට එකඟවීමෙන් පසුව තමාව නිදහස් කළ බවයි.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් 31 හැවිරිදි ව්‍යාපාරික කාන්තාව සහ අනෙක් සැකකරුවන් සිව්දෙනා ද අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ReeCha