ජුලි චන්ග් දැඩි කනස්සල්ලෙන් - ලංකාවට ඇමරිකාවේ සහය නැතිවෙයිද.?

Sri Lanka Government Of Sri Lanka United States of America Julie Chung
By Sewvandhi Feb 20, 2024 08:01 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ජාත්‍යන්තර ප්‍රජාවගේ පමණක් නොව රටේ පුරවැසියන්ගේ අවශ්‍යතාවලට සවන්දීමට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය හෙවත් ඔන්ලයින් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

දෝෂ සහිත ක්‍රියාවලිය, අභිප්‍රාය, භාෂණයේ නිදහසට ඇති විය හැකි බලපෑම යන අංශ තුන පිළිබඳව අවධානය යොමුකරමින් ඇය ඔන්ලයින් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම පනත් කෙටුම්පත තුළ දෝෂ සහිත බවක් පෙන්වාදෙන බව අමෙරිකානු තානාපතිනිය ප්‍රකාශ කර තිබේ. පනත් කෙටුම්පතේ භාවිත කර ඇති පුළුල් අර්ථ දැක්වීම් ඔස්සේ කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහි අන්තර්ජාල ප්‍රහාර වැනි ක්‍රියාවලට එරෙහිව සටන් කිරීමට අදහස් කෙරෙන නමුත් නීත්‍යානූකූල ප්‍රකාශනය සීමා කිරීම සඳහා එය අනිසි ලෙස භාවිත කළ හැකි වීම පිළිබඳ ඇය සිය කනස්සල්ල පළ කර ඇති බව සඳහන්ය.

පනත සංශෝධනය සඳහා ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර තුර පනතින් කළ හැකි බලපෑම පිළිබඳ අන්තර්ජාලයේ කථිකාවට සැබෑ විසඳුම් ලැබෙන්නේ දැයි ඇය ප්‍රශ්න කර තිබේ.