තමන් ගාවට එන්න කියන්න තරම් මේ ඇමති උද්දච්චද? - ජෝශප් ස්ටාලින්

Report

කොටහේන දැරිය මියයා‍මේ සිදුවීම සම්බන්ධයෙන් අදාළ දෙමව්පියන් තමන් හමුවට නොපැමිණි බවට කියන කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් උද්දච්චකමකින් පෙළෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ‍ජෝශප් ස්ටාලින් පවසනවා.

ලංකාවට ඩොලර් බිලියනයක ආධාර පැකේජයක්.....

ලංකාවට ඩොලර් බිලියනයක ආධාර පැකේජයක්.....

කවුරුන් කාවවත් හමුවීමට යාමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, ළමයින් සම්බන්ධ ගැටලුවකදී එක් ස්ථානයකට පැමිණිලි කළ පසු එය ප්‍රමාණවත් වන බවත්, ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල කළේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට බවයි අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

එම පැමිණිල්ල යොමුකළ යුතුව තිබුණේ අදාළ පාසලේ විදුහල්පතිවරිය විසින් බවද, එය ඇය විසින් සිදු නොකළ බවද, ඇය සිදු කළේ මෙම සිද්ධිය වැසීමට කටයුතු කිරීම බවද ඔහු ප්‍රකාශ කළා. ඊයේ (08) දිනයේ තමා ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා හමුවූ අවස්ථාවේදී, චෝදනාවට ලක්වන අදාළ පුද්ගලයා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙක් හා සංවිධායකවරයෙක් බවට ඔවුන්ට පෙන්වාදුන් බවත්, එහිදී දේශපාලන මැදිහත්වීමක් සිදු නොකරන බවට අධ්‍යක්ෂ ජනරාල්වරයා සහතික වූ බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ‍ජෝශප් ස්ටාලින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

අම්ෂිකාට යුක්තිය ඉල්ලා ජනතාව පාරට බසී - මාර්ග රැසක් අවහිර වේ (PHOTO) (VIDEO)

අම්ෂිකාට යුක්තිය ඉල්ලා ජනතාව පාරට බසී - මාර්ග රැසක් අවහිර වේ (PHOTO) (VIDEO)