අක්මීමන සමූපයේ බලය ඒකාබද්ධ විපක්ෂයට

Report

අක්මීමන විවිධ සේවා සමුපකාර සමිතියේ නව සභිකයින් තෝරාගැනීම වෙනුවෙන් ඉතා උණුසුම් මුහුණුවරකින් පැවැති නිලවරණයෙන් සභික ධුර 50 ක් ජයග්‍රහණය කරමින් එහි සමස්ත පාලන බලය ස්ථාවරව පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සමත්ව තිබේ.

ඊයේ 06 වැනිදා පැවැති මෙම තීරණාත්මක නිලවරණයේදී සමුපකාර සමිතියේ සමස්ත සභික ධුර ප්‍රමාණයෙන් පැහැදිලි බහුතර බලයක් ලබා ගැනීමට ඒකාබද්ධ විපක්ෂය සමත් වූ අතර, ඔවුන් සමඟ කරට කර සටනක නිරත වූ ජාතික ජන බලවේගය කණ්ඩායමට මෙවර ලබා ගැනීමට හැකි වූයේ සභික ධුර 43 ක් පමණි.

රටේ බලශක්ති අර්බුදය සහ සහල් හිඟය සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහගෙන් ප්‍රකාශයක්

රටේ බලශක්ති අර්බුදය සහ සහල් හිඟය සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහගෙන් ප්‍රකාශයක්

ඒ අනුව අක්මීමන විවිධ සේවා සමුපකාර සමිතියේ නව පාලන අධිකාරිය නිල වශයෙන් පිහිටුවීම සඳහා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම මේ වන විට සියලු කටයුතු සූදානම් කරමින් සිටියි.

මොණරාගල - දඹගල්ල ප්‍රදේශයේත් ගින්නක් - වේගයෙන් පැතිරෙන ගින්න නිවන්න දැඩි උත්සාහයක්

මොණරාගල - දඹගල්ල ප්‍රදේශයේත් ගින්නක් - වේගයෙන් පැතිරෙන ගින්න නිවන්න දැඩි උත්සාහයක්