රුසියාවේ කැරැල්ල ගැන අමෙරිකානු ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

By krishani Jun 27, 2023 03:21 AM GMT
Report

රුසියාවේ ඇති වූ කැරැල්ල සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අමෙරිකාව ඇතුළු බටහිර රටවල කිසිදු සම්බන්ධයක් රුසියාවේ ඇති වූ කැරැල්ල සම්බන්ධයෙන් නොමැති බව ය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙම තත්ත්වය රැසියාවේ අභ්‍යන්තර ගැටලු‍වක් වන බවත් ඊට අභ්‍යන්තර ලෙස විසදුම් සෙවිය යුතු බවත් ය.

කෙසේවෙතත්, වැග්නර් කුලී හමුදාවට රට තුළ මෙවැනි ව්‍යාකූල තත්ත්වයක් ඇති කිරීමට අමෙරිකාව ඇතුලු‍ බටහිර රටවල් උසිගැන්වීම් සිදු කළ බව රුසියාව චෝදනා කළේ ය.