උපාධි ප්‍රදානෝත්සවයක් අතරතුර පය පැකිලී ඇද වැටුණු ජනපති..පැය එක හමාරක් හිටන් ඉදල.(PHOTOS)

Report

කොලරාඩෝ හි පැවති ඇමරිකානු ගුවන් හමුදා ඇකඩමියේ උපාධි ප්‍රදානෝත්සවය අතරතුර ජනාධිපති ජෝ බයිඩ්න් ඇද වැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වේදිකාවේ සවිකර තිබූ තාක්ෂණික උපකරණ රඳවනයක පය පැටලීමෙන් ඔහු මෙලෙස ඇද වැටී ඇති බවයි.

එහිදී ගුවන් හමුදා නිලධාරියෙකු සහ ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනෙකු ඇමරිකානු ජනාධිපතිවරයාට නැගී සිටීමට සහය වී ඇති අතර සිද්ධියෙන් ඔහුට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

80 හැවිරිදි වියේ පසුවන ඇමරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා වන ජෝ බයිඩ්න් පැය එකහමාරක් පුරා ශිෂ්‍ය භටයින් 921 දෙනෙකුට අතට අත දෙමින් වේදිකාවේ සිටගෙන සිට ඇති බවයි අදාළ වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGallery