රැකියාවක් ගැන ද හිත හිත ඉන්නේ?. රැකියා දෙන හැටි ජනපති කියයි..(VIDEO)

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

රැකියාවක් ගැන ද හිත හිත ඉන්නේ?. රැකියා දෙන හැටි ජනපති කියයි..(VIDEO) | Job Opportunities In Sri Lanka

ඒ මෙරට අනාගතය රඳා පවතින්නේ, ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්ති මත බවයි.

ජනාධිපති ඒ බව කියා සිටියේ මන්නාරම ප්‍රදේශයේ පැවති සමුළුවක් අමතමින් ය.

ඒ අනුව නිසි ආර්ථික සැලසුමකින් තොරව රට ඉදිරියට ගෙන යා නොහැකි බව ජනාධිපති කියා සිටියේ ය.

ඊයේ (16) "දීප්තිමත් අනාගතයක් සඳහා වූ ගමනක්" මැයෙන් සංවිධාන කළ මන්නාරම දිස්ත්‍රික් තරුණ සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

කෙසේ වෙතත්, මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙක්කලනාදන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස් යන මහත්ම මහත්මීන් සහ පළාතේ දේශපාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙවැන්නකී,

වීඩියෝ දර්ශන - Ada Derana


.