කඳුකරයේ බලට අතට ගන්නවා. තරුණ තනි අලියෙක් කියයි
පළාත් පාලන මැතිවරණයේදි නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන රැසක බලය ලංකා කම්කරු කොංග්‍රසය සතුකර ගන්නා බව එම පක්ෂයේ මහ ලේකම් සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතා ප්‍රකාශ කර සිටි.
සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරිමට ප්‍රථම හැටන් කොටගල කොටගල ශ්‍රී මුත්තු විනායගර් කෝවිලේ පැවති ආශිර්වාද පූජාවෙන් අනතුරුව කොටගල පක්ෂ කාර්යාල මූලස්ථානයේ දි මාධ්‍යට අදහස් දක්වමින් ජීවන් තොන්ඩමන් මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙවර පළාත් පාලන මැතිවරණයේ දි තම පක්ෂයේ ලාංඡනය වන කුකුළා සලකුණින් තරඟ කරන බවත්, එම ලාංඡනය යටතේ කොත්මලේ සහ මස්කෙළිය ප්‍රාදේශිය සභාවට තරඟ කිරිම සදහා ලබා දුන් නාම යෝජනා ප්‍රතික්ශේප වීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නෛතික පියවර ගෙන ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණයේ දි පාලන බලය ලබා ගැනීමට වෙනත් පක්ෂවල සහයෝගය ලබාගෙන හෝ තරඟ කරන පළාත් පාලන ආයතන වල පාලන බලය ලබා ගැනිමට පියවර ගන්නා බවද වාර්තා වේ.
මෙම මාධ්‍ය සාකච්ඡාවට එම පක්ෂයේ සභාපති සෙන්දිල් තොන්ඩමන්, පක්ෂයේ භාණ්ඩාගාරික මර්දපාණ්ඩි රමේෂ්වරන් යන මහතුන්ද සහභාගි විය.
