ජීවන්ගේ මංගල සීනුවෙන් - අපේ කැමරාවට ක්ලික් වෙච්ච ටිකක් මෙන්න [PHOTOS]
පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC) මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතාගේ විවාහ මංගල්‍යය ඊයේ (23) ඉන්දියාවේ තමිල්නාඩුවේ තිරුපත්හූර් හි ආරුමුගම් පිල්ලේ සීතායි අම්මාල් අධ්‍යාපන විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ඔහු ඉන්දියාවේ දේශපාලනික වශයෙන් බලගතු පවුලක වෛද්‍යවරයෙකු වන සිතයි ශ්‍රී නාච්චියාර් සමඟ විවාහ ජීවිතයට පිවිසියේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු, ඉන්දීය අමාත්‍යවරුන් සහ CWC හි ජ්‍යෙෂ්ඨ නායකයින් මෙම උත්සවයට සහභාගී වූවන් අතර වූහ.











