“මතකයන්ට ස්තූතියි ලියෝ” - ලයනල් මෙසීගේ ජාත්‍යන්තර සමුගැනීම ගැන ජේ ෂාගෙන් සංවේදී සටහනක්

By Malith Madushan Sep 02, 2026 02:05 AM GMT
Report

ආජන්ටිනා පාපන්දු කණ්ඩායමෙන් ලයනල් මෙසී ජාත්‍යන්තර සමුගැනීම ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ජේ ෂා ඔහුගේ වසර 21ක ජාත්‍යන්තර පාපන්දු ගමනට සුබ පැතුම් එක්කර තිබේ.

ජේ ෂා සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ මෙසීට උපහාර දක්වමින් සඳහන් කර ඇත්තේ, පසුගිය වසරේ මෙසී ලුයිස් සුවාරෙස් සහ රොද්‍රිගෝ ඩි පෝල් සමඟ ඉන්දියාවට පැමිණි අවස්ථාවේදී තමන්ට ඔහුව හමුවීමට හැකි වූ බවයි. “යුගයක් නිර්වචනය කළ ජාත්‍යන්තර ගමනක් අවසන් වේ.ඔබ ඉන්දියාවට පැමිණි ඓතිහාසික සංචාරයේදී අප හමුවීම සිහිපත් කරන විට, ක්‍රීඩා පිටියේ ඔබේ අසමසම දක්ෂතාව මෙන්ම ඔබේ නිහතමානීකමද විශේෂයෙන් කැපී පෙනුණා,” යනුවෙන් ජේ ෂා සඳහන් කර තිබේ.

එම හමුවේදී මෙසී වෙත ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ජර්සියක් පිරිනැමූ අවස්ථාවේ ඡායාරූපයක්ද ඔහු සමඟ බෙදාගෙන තිබුණි. “අපේ ජාතික වර්ණ ඔබට පෞද්ගලිකව පිරිනැමීමට හැකිවීම ක්‍රීඩා ක්ෂේත්‍ර දෙකක් අතර ආඩම්බර විය හැකි අවස්ථාවක්. මතකයන්ට ස්තූතියි, ලියෝ මෙසී. ඔබේ මීළඟ පරිච්ඡේදයට සෑම සාර්ථකත්වයක්ම ප්‍රාර්ථනා කරනවා,” යනුවෙන් ජේ ෂා වැඩිදුරටත් පවසා ඇත.

මෙසී 2016දී සමුගැනීමට සැරසුණු අවස්ථාවේ රොනාල්ඩෝ කියූ දේ යළිත් ලොව පුරා පැතිරෙයි

මෙසී 2016දී සමුගැනීමට සැරසුණු අවස්ථාවේ රොනාල්ඩෝ කියූ දේ යළිත් ලොව පුරා පැතිරෙයි

මේ අතර, මෙසී සඳුදා දිනයේදී ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවෙන් සමුගැනීම නිල වශයෙන් නිවේදනය කළේය. වසර 21ක් පුරා ආජන්ටිනා කණ්ඩායම නියෝජනය කළ මෙසී, 2022 FIFA ලෝක කුසලානය ජයගැනීම ඇතුළු සුවිශේෂී ජයග්‍රහණ රැසක් සිය රට වෙනුවෙන් ලබාදී තිබේ.

2026 ලෝක කුසලාන අවසන් තරගයේදී ස්පාඤ්ඤය හමුවේ ආජන්ටිනාව පරාජයට පත්වීමෙන් දින දෙකකට පසුව, ජූලි 21 වැනිදා තම සමුගැනීමේ ප්‍රකාශය ලියා තැබූ බවද මෙසී සඳහන් කර තිබේ. “කාලය කෙටි වෙමින් පවතිනවා. පරිච්ඡේද අවසන් වෙනවා.මේ පරිච්ඡේදය මට දැඩි ලෙස වේදනාකාරීයි. මම ජාතික කණ්ඩායමේ කොටසක් වීම ආදරයෙන් කළා, කරනවා සහ සදාකාලිකවම ආදරය කරනවා,” යනුවෙන් මෙසී සිය සමුගැනීමේ පණිවිඩයේ සඳහන් කර ඇත.

තමන්ට ලබාදිය හැකි උපරිමය ලබාදී ඇති බැවින් තවදුරටත් ලබාදීමට කිසිවක් ඉතිරිව නොමැති බවත්, තම ස්ථානය භාර ගැනීමට සුදුසු දක්ෂ තරුණ ක්‍රීඩකයන් පිරිසක් මේ වන විට ඉදිරියට පැමිණෙමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

වසර 20කට අධික කාලයක් පුරා ලබාදුන් ආදරයට ආජන්ටිනා පාපන්දු ලෝලීන්ට ස්තූතිය පළ කළ මෙසී, ඉදිරියේදී පිටියේ සිට නොව පැතිරේඛාවේ සිට කණ්ඩායමට සහාය දෙන බවද සඳහන් කර ඇත.

ලොවම හඬවමින් පාපන්දු ක්‍රීඩාවෙන් පිස්සු වැට්ටු ලයනල් මෙසී පාපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම නිල වශයෙන් නිවේදනය කරයි

ලොවම හඬවමින් පාපන්දු ක්‍රීඩාවෙන් පිස්සු වැට්ටු ලයනල් මෙසී පාපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම නිල වශයෙන් නිවේදනය කරයි