ඉතිහාසගත වුණ ෂාරුක් ඛාන්ගේ ජවාන් - වාර්තා රාශියක් බිඳ දමයි..

Shah Rukh Khan India Actors Hollywood Movies
By krishani Sep 20, 2023 05:44 PM GMT
krishani

krishani

Report

ෂාරුක් ඛාන්ගේ ජවාන් චිත්‍රපටය තිරගත වී දින 13ක් වන විට ඉන්දීය රුපියල් කෝටි 907.5 ක ආදායමක් ලබා තිබෙනවා.

ඒ අනුව ජවාන් චිත්‍රපටය ගෝලීයව උපයා ගත් ආදායම ඉන්දීය රුපියල් කෝටි 1000 කට ආසන්න වී ඇත.

ජවාන් ඉන්දියාව තුළ පමණක් ඉන්දීය රුපියල් කෝටි 500ක අදායමක් ලබා ඇති අතර තිරගත කර දිනයේ සිට ගෝලීයව වැඩිම අදායමක් ඉපැයූ හින්දි චිත්‍රපටය ද පත් වෙමින් ඉතිහාසයට එක් විය.

දිනක් තුළ වැඩිම ආදායමක් උපයා ගත් ඉන්දියානු චිත්‍රපටය ද මෙය වන අතර ඒ අනුව ජවාන් චිත්‍රපටය එක් දිනක් තුළ කෝටි 80ක ආදායමක් ලබා ඇත.

එමෙන්ම අඩුම කාලයක් තුළ ඉන්දීය රුපියල් කෝටි 400 ක අදායමක් ලැබූ බොලිවුඩ් චිත්‍රපටය වන්නේ ද ජවාන් චිත්‍රපටයයි.

කෙසේ වෙතත්, වාර්තා රාශියක් බිඳ දැමීමට ෂාරුක් ඛාන්ගේ ජවාන් චිත්‍රපටයට මේ වන විට හැකියාව ලැබී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

ReeCha