විරෝධතාවය උණුසුම් වෙයි - පොලිසියෙන් ජල හා කඳුලු ගෑස් ප්‍රහාර..! (VIDEO)
ජාතික ජන බලවේගයේ විරෝධතාවයට මීට සුළු වේලාවකට පෙර පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එනම්, අද (26) විහාරමහාදේවි උද්‍යානය අසලින් “මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව” යනුවෙන් ජාතික ජනබලවේගය ආරම්භ කරන විරෝධතා පාගමන මේ වන විට ආරම්භ කරා.
අප වාර්තාකරු සඳහන් කළේ ප්‍රදේශ රැසකින් පැමිණි විරෝධතාකරුවන් විහාරමහාදේවි උද්‍යානය අසළට එක්රැස්වී ඇති බවයි. විරෝධතා පෙළපාලියක් හේතුවෙන් නෙළුම් පොකුණ දෙස සිට ටවුන්හොල් දක්වා දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙන බව වාර්තාකරුවන් සදහන් කරනවා.
කෙසේ වෙතත් මෙම විරෝධතා පාගමනට අධිකරණ විසින් නියෝගද නිකුත්කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |