ජපානයෙන් වයඹ සෞඛ්‍ය සේවයට තවත් තෑග්ගක් --ශ්‍රී ලංකා මිත්‍රත්වයෙන් කෝටි 02ක පරිත්‍යාගයක්!

Report

 ජපන්-ශ්‍රී ලංකා ජාත්‍යන්තර මිත්‍රත්ව සහයෝගීතා පදනම හරහා වයඹ පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 02කට අධික වටිනාකමකින් යුතු ගිලන් රථ තුනක් ප්‍රදානය කිරීමේ උත්සවය අද දින (31) පෙරවරුවේදී වයඹ පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ප්‍රධානත්වයෙන් සිදු කර ඇත.

  පළාතේ සෞඛ්‍ය ආයතන 150ක් පමණ පවතින අතර,දැනට රෝගීන්ගේ හදිසි අවස්ථා සඳහා තිබෙන ගිලන් රථ 95ක ප්‍රමාණයෙන් සිදුකරගෙන යනු ලබන වැඩපිළිවෙළට සහයෝගයක් ලෙස ජපන් ශ්‍රී ලංකා ජාත්‍යන්තර මිත්‍රත්ව පදනම මගින් මෙම ගිලන් රථ ත්‍රිත්වය ප්‍රදානය කල අතර වැඩසටහන අවසානයේදී සමරු තිළිණ ප්‍රදානයක්ද සිදුකර තිබෙන බව වාර්තා වේ .

මෙම ගිලන් රථ මාරවිල, නිකවැරටිය සහ දඹදෙණිය රෝහල් සඳහා ලබාදීමට නියමිතව ඇත.

මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් ගුණවර්ධන, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්තුමිය,පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමිය, ආණ්ඩුකාර ලේකම්තුමා, ජපන් ශ්‍රී ලංකා ජාත්‍යන්තර මිත්‍රත්ව පදනම කයිට්ශෝ මිටා ශා මහත්මා, යමගිවා මහත්මා හා ජපන් ශ්‍රි ලංකා මිත්‍රත්ව පදනමේ උප සභාපති සම්පත් ජයසේකර මහතා ඇතුළු නියෝජිත මහත්ම මහත්මීන්ද එක්ව ඇත.

IOC එකෙනුත් ජනතාවට සහනයක් පෙට්‍රල් මිල අද ඉඳන් පහළට - අලුත් මිල ගණන් මෙන්න

IOC එකෙනුත් ජනතාවට සහනයක් පෙට්‍රල් මිල අද ඉඳන් පහළට - අලුත් මිල ගණන් මෙන්න

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර, වයඹ පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමිය, නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, කුරුණෑගල සහ පුත්තලම, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, මූලික රෝහල්වල වෛද්‍ය අධිකාරිවරුන්, වෛද්‍ය නිළධාරීන් හා කාර්ය මණ්ඩල නිළධාරීන්ද මෙම අවස්ථාවට සහභාගි වී තිබේ  .