එළඹෙන සතියත් ජපානයට අවදානම් - යළිත් අනතුරු ඇඟවෙයි

Report

ජපානය යළි දරුණු භූකම්පනයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කිරීමෙන් පසු යළි දෙවන වරටත් මෙලෙස භූමිකම්පනයක් සඳහා අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 ඒ අනුව ඉදිරි සතියේ දී දරුණු භූකම්පාවක් ඇතිවීමේ අවදානමක් පවතින බව ද ජපාන බලධාරීන් පෙන්වා පෙන්වා දෙයි ඔවුන් අනතුරු අඟවා තිබෙනුයේ මෙම භූකම්පනය රික්ටර් පරිමාණයේ 8.0ක හෝ ඊට වැඩි ප්‍රබලත්වයකින් වාර්තා විය හැකි බවයි.

ජපානය කැළඹෙයි - පළමු සුනාමි රළ පහර ළඟා වෙයි

ජපානය කැළඹෙයි - පළමු සුනාමි රළ පහර ළඟා වෙයි

  ඊයේ ඊසානදිග වෙරළ තීරයේ රික්ටර් මාපාංකයේ ඒකක 7.7ක ප්‍රභලත්වයකින් යුත් භූකම්පාවක් ඇති වූ අතර මේ හේතුවෙන් සුනාමි රළ පහර එරට නැගෙනහිර වෙරළට පැමිණ තිබුණි.

ජපානය භූගෝලීය වශයෙන් "ගිනිකඳු වළල්ල" (Ring of Fire) මත පිහිටා ඇති බැවින් වසරකට භූමිකම්පා 1,500ක් පමණ සිදු වේ. එමෙන්ම ලොව පුරා සිදුවන රික්ටර් පරිමාණ 6.0ට වැඩි භූමිකම්පාවලින් 10% ක්ම වාර්තා වන්නේ ජපානයෙනි.

ජපානය තුළ මෙතෙක් වාර්තා වූ ප්‍රබලතම භූකම්පනය වනුයේ 2011 මාර්තු මාසයේදී ඉවාතේ ප්‍රාන්තයට දකුණින් සිදු වූ රික්ටර් පරිමාණ 9.0ක මහා භූකම්පනයයි .

ඉන්දියාවේ බිහිසුණු අනතුරක් - පුද්ගලයින් 21 දෙනෙකු මරුට

ඉන්දියාවේ බිහිසුණු අනතුරක් - පුද්ගලයින් 21 දෙනෙකු මරුට

එම භූකම්පනයෙන් ඇති වූ වූ ෆුකුෂිමා න්‍යෂ්ටික ව්‍යසනය ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික අනතුරකි.

ඒ වගේම මෙවැනි ඕනෑම කම්පනයකදී ජනතාව උස් බිම් කරා යොමු කිරීමට රජය දැඩි පියවර ගනු ලබයි.