කෝටි 3කට අධික වැට් බදු නොගෙවීම සම්බන්දයෙන් ජනක රත්නායක හා බිරිදට සිතාසි..

Report

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට සහ ඔහුගේ බිරිඳට එළැඹෙන දෙසැම්බර් මස 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඊයේ  (04) නියෝග කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ ගාස්තු අඩුකිරීම ප්‍රමාණවත් නෑ...

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ ගාස්තු අඩුකිරීම ප්‍රමාණවත් නෑ...

ඒ කිරුළපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පරිගණක සේවා සැපයීමේ ආයතනයක් වෙනුවෙන් රජයට ගෙවිය යුතු රුපියල් කෝටි තුනකට අධික වැට් බදු නොගෙවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

ජනක රත්නායක හා ඔහුගේ බිරිඳ වන කුමාරි යසෝදා සිල්වා යන අඹුසැමි යුවළ මෙම සිද්ධියේ වගඋත්තරකරුවන් බවත් ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් දන්වා සිතාසි නිකුත්කර තිබුණි. නමුත් එම වගඋත්තරකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිට ඒ වෙනුවට එම සමාගමේ වෙනත් අධ්‍යක්ෂවරයෙකු අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

පෞද්ගලීකරණය පිළිබද විදුලි බල මණ්ඩලයේ නිවේදනයක්..

පෞද්ගලීකරණය පිළිබද විදුලි බල මණ්ඩලයේ නිවේදනයක්..

එබැවින් වගඋත්තරකාර අඹුසැමි යුවළට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි. එම ඉල්ලීම සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙම ආයතනය වෙනුවෙන් 2016, 2017, 2018 වර්ෂ තුන සඳහා හිඟ බදු මුදල් වශයෙන් රුපියල් 31,846,248.24ක් හා හිඟ ආදායම් බදු මුදල් වශයෙන් රුපියල් 1,851,658.37ක මුදලක් රජයට ගෙවිය යුතුව ඇති නමුත් ඔවුන් එම මුදල් ගෙවීම පැහැර හැර ඇති බව නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණයට දන්වා තිබේ.