ජනක රත්නායකට මරණ තර්ජන එල්ල කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට - අත්අඩංගුවට ගන්නා මොහොතේ සැකකරු සන්තකයේ තිබී හමු වූ දෙය..
මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකට පසුගිය දා මරණීය තර්ජන සහ කප්පම් ගැනීමට උත්සාහ කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ය.
එ බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් ද තිබුණු බව පොලීසිය සඳහන් කළේ ය.