ඝාතනයක් ගැන කියමින් ජනක රත්නායකට එකවරම ආ කෝල් එක - අවසානයේ දී සිදුවුණ දෙය..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Janaka Ratnayake
By krishani Oct 29, 2023 02:35 PM GMT
krishani

krishani

Report

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායකගෙන් කප්පම් මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

ඒ රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ය.

අද (29) එම සිද්ධියට අදාළව සැකකරුවන් තුන්දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ රඹුක්කන ප්‍රදේශයේ දී ය.

ලැබුණු පැමිණිල්ලකට අනුව කිරුළපන පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරනු ලැබිණ.

ජනක රත්නායකට දැනුම් දී තිබුණේ ඩුබායිහි සැඟව සිටින අපරාධ කල්ලි නායකයෙකු විසින් දුරකතනයෙන් ඔහුව ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 80ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවයි.

එම කොන්ත්‍රාත්තුව ඔහු විසින් ඉටු නොකරන බව සහ ඒ සඳහා රුපියල් ලක්ෂ 15 ක් අවශ්‍ය බවට සැකකරුවන් දුරකථනයෙන් ඔහුට පවසා තිබෙනවා.

ඒ අනුව ජනක රත්නායක විසින් රුපියල් ලක්ෂ 15 ක මුදලක් ඔහුට ඇමතුම් ලබා දුන් පුද්ගලයා වෙත ලබා දී ඇත.

කෙසේ වෙතත්, පොලිසිය සිද්ධියට අදාලව සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් රඹුක්කන, කරුණෑගල ප්‍රදේශවල පදිංචි අවුරුදු 24, 26 සහ 31 යන වයස්වල පසුවන්නන් වේ.

ReeCha