ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි..(PHOTOS)

Jackson Anthony Death
By Aruna Oct 09, 2023 12:33 AM GMT
Aruna

Aruna

Report

ජ්‍යේෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අද(09) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වනවා.

ඒ රිය අනතුරකට ලක්ව මාස 14කට අධික කාලයක් කොළඹ ජාතික රෝහලේ දී ප්‍රථිකාර ලබමින් සිටියදීයි.

මියයනවිට ඒ මහතා 65වැනි වියේ පසු විය.

පසුගිය 2022 වසරේ ජුලි මස 22 වනදා, ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනෙකු ගමන්ගත් කැබ් රථයක් අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දී වන අලියෙකුගේ ගැටී හදිසි අනතුරකට ලක්ව තිබුණා.

එහිදී බරපතල තත්ත්වයෙන් සිටි ජැක්සන් ඇන්තනී මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණු අතර, අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මඟින් කොළඹ ජාතික රොහල වෙත රැගෙන එනු ලැබුවා.

අනතුරුව ඔහු කොළඹ ජාතික රොහලේ දැඩි සත්කාර ඒකකයේ වසර එක හමාරකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (09) අලුයම මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙන බවයි වාර්තා වන්නේ.

කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි (උපත 1958 ජූලි 8) හෙවත් ජැක්සන් ඇන්තනී, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ අසහාය නළුවෙකි.

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කලාකරුවෙකු වන ඇන්තනි හොඳම නළුවාට හිමි සම්මානය වාර්තාගත දහසය වතාවක් දිනා ගත්තේය.

ප්‍රධාන වශයෙන් මාධ්‍ය තුනම අතික්‍රමණය කල නළුවෙකු වන ඇන්තනී රංගනයට අමතරව අධ්‍යක්ෂක, නිෂ්පාදක, ගායක, තිර රචක, රූපවාහිනී සත්කාරක, නවකතා රචක, තීරු රචක, ගීත රචක, ඉතිහාසඥ සහ සංචාරක යන අංශ තුලද කැපී පෙනෙන ලක්ෂන පෙන්වා ඇත.

කුමාරි සඳලතා මුණසිංහ සමග අතිනත ගත් ජැක්සන් ඇන්තනී දරුවන් තිදෙනෙකුගේ ආදරණීය පියෙකි.

මාධවී වත්සලා,අකිල ධනුද්දර සහ සජිත ඇන්තනි ද ශ්‍රී ලාංකීය කලාවට මහගු සම්පතක් බවට දැනටමත් පත්ව තිබේ.

2007 වසරේදී ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේ හොඳම කලාකරුවාට හිමි ජනතා සම්මානය ඇන්තනි හිමිකර ගත්තේය.

2000 දශකයේ මුල් භාගයේ ස්වර්ණවාහිනී නිර්මාණ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ අතර හපන් පැදුර නම් ජනප්‍රිය ළමා සංගීත වැඩසටහනක් නිෂ්පාදනය කළේය.

මීට අමතරව මහා සිංහලයේ වංශ කතාව සහ මහා සිංහලයේ යටත් විජිත වංශ කතාව යන ඉතිහාස වැඩසටහන් ස්වර්ණවාහිනිය හරහා වසර කිහිපයක් ඉදිරිපත් කළේය.

ඔහු විසින් නිර්මාණය කරන ලද අනෙකුත් ජනප්‍රිය වැඩසටහන් අතරට අවාරේ සිරිපා, ගඟ දිගේ, රෝම පුරාණය සහ සලං හන්තේ සංචාරක වැඩසටහන් හැදින්විය හැක.

සිනමාවට අමතරව, ඔහු ක්ලැරන්ස් විජේවර්ධන සමඟ සංගීත කටයුතු කළේය.

ඔහු ක්ලැරන්ස් සමඟ “සිතේ සුසුම්” සහ “දෙස පියා ගත්කල” නම් අතිශය ජනප්‍රිය ගීත දෙකක් ගායනා කළේය.

ඇන්තනි සිරස ටීවී ඔස්සේ විකාශය වූ ශ්‍රී ලංකා ගොට් ටැලන්ට් රියැලිටි වැඩසටහනේ විනිශ්චයකරුවන් තිදෙනාගෙන් කෙනෙකි.

2020 ජනවාරි මාසයේදී ඔහු සිය "කන්ද උඩ ගින්දර" කෘතිය එළිදැක්වීය.

2020 ජූලි 22 වන දින ඔහු කළු ගඟ ඔස්සේ දෙවන සංචාරක වාර්තා වැඩසටහන "කළු ගඟ දිගේ" ආරම්භ කළේය.

ඇවිදින පුස්තකාලයක් වන් මහා පඬිවරයෙක් වූ ජැක්සන් විසින් දිනාගත් සම්මාන බොහෝය.

1980 හොඳම නළුවා දිනාගති

1980 හොඳම පිටපත දිනාගති

1980 හොඳම නිෂ්පාදනය දිනාගති

..ජාතික නාට්‍ය උළෙල..

1983 මෙතනින් මාරුවෙනු හොඳම සහය නළුවා දිනාගති

1986 මරාසාද් හොඳම නළුවා දිනාගති

..දිවයින සම නාට්‍ය උළෙල..

1987 මරාසාද් හොඳම නළුවා දිනාගති

..විජය රූපවාහිනී සම්මාන..

1987 කඩුල්ල හොඳම නළුවා දිනාගති

..උන්ඩා සම්මාන..

1991 කඩුල්ල හොඳම නළුවා දිනාගති

1992 මහමෙර පාමුල හොඳම පිටපත දිනාගති

1996 අකාල සන්ධ්‍යා රංගනය සඳහා විශිෂ්ටතා සම්මානය දිනාගති

...සුමති සම්මාන...

1997 පිටගම්කාරයෝ හොඳම නළුවා දිනාගති

2002 මහා සිංහලේ වංසකතාව මාධ්‍ය සඳහා විශිෂ්ටතා සම්මානය දිනාගති

2004 යෙහෙලි හොඳම වත්මන් සිදුවීම දිනාගති

2008 ගඟ දිගේ හොඳම සඟරා වැඩසටහන දිනාගති

2008 අසල්වැසි කතා මාධ්‍ය සඳහා විශිෂ්ටතා සම්මානය දිනාගති

2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍යය දිනාගති

2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය දිනාගති

2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍ය පිටපත දිනාගති

2018 සී රජ හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය දිනාගති

2018 සී රජ හොඳම ටෙලිනාට්‍ය පිටපත දිනාගති

..ජන මාධ්‍ය සම්මාන..

2006 මහා සිංහලේ වංසකතාව හොඳම රූපවාහිනී වැඩසටහන දිනාගති

2006 හොඳම රූපවාහිනී ඉදිරිපත් කරන්නා දිනාගති

..විචාරක සම්මාන..

1995 පුනරුප්පත්තිය හොඳම නළුවා දිනාගති

1996 ජුලියට්ගේ භූමිකාව වඩාත්ම ප්‍රවර්ධක අධ්‍යක්ෂ දිනාගති

1997 ගිනි අවි සහ ගිනි කෙලි හොඳම නළුවා දිනාගති

...සිග්නීස් ඕ.සී.අයි.සී සම්මාන...

1996 ලොකු දුව හොඳම නළුවා දිනාගති

1997 බව කර්ම & බව දුක හොඳම නළුවා දිනාගති

2002 අග්නිදාහය කැපී පෙනෙන රංගනය දිනාගති

2005 රන්දිය දහර කැපී පෙනෙන රංගනය දිනාගති

2005 ගරිල්ලා මාර්කටින් කැපී පෙනෙන රංගනය දිනාගති

..සරසවිය සම්මාන උළෙල..

1996 අයෝමා කුසලතා සම්මාන දිනාගති

1997 බව දුක හොඳම නළුවා දිනාගති

2004 රන්දිය දහර හොඳම නළුවා දිනාගති

2005 මිල්ල සොයා හොඳම සහය නළුවා දිනාගති

...ජනාධිපති සම්මාන..

1997 ජුලියට්ගේ භූමිකාව විශේෂ ජූරි සම්මාන දිනාගති

1997 බවා දුක හොඳම නළුවා දිනාගති

1998 ගිනි අවි සහ ගිනි කෙලි හොඳම නළුවා දිනාගති

1998 අස්වැසුම හොඳම නළුවා දිනාගති

2001 සූරිය අරණ හොඳම නළුවා දිනාගති

2005 ගරිල්ලා මාර්කටින් හොඳම නළුවා දිනාගති

..හොඳම දහය සම්මාන..

1997 අග්නිදාහය සංස්කෘතික ජයග්‍රහණය දිනාගති

...ස්ලීම් නිල්සන් ජනතා සම්මාන..

2007 ජනතා ඡන්දය වසරේ ජනතා කලාකරුවා

2007 අබා වසරේ ජනතා චිත්‍රපටය දිනාගති

..රයිගම් ටෙලීස් සම්මාන..

2014 අප්පච්චි හොඳම නළුවා දිනාගති

2015 දස්කොන් හොඳම නාට්‍ය පිටපත දිනාගති

2015 දස්කොන් හොඳම නාට්‍ය අධ්‍යක්ෂණය දිනාගති

2015 දස්කොන් වසරේ හොඳම ටෙලිනාට්‍යය දිනාගති

..ලක්ස් දෙරණ සිනමා සම්මාන උළෙල..

2016 ඇඩ්‍රස් නෑ හොඳම නළුවා

2018 ධර්මයුද්ධය හොඳම නළුවා

2019 ජනප්‍රියම නළුවා දිනාගති

..හිරු රන් සිනමා සම්මාන උළෙල..

2016 මහරජ ගැමුණු ජූරියේ විශිෂ්ටතා සම්මානය දිනාගති

..ආසියානු සිනමා උළෙල..

2019 විෂම භාග හොඳම නළුවා දිනාගති

..ෆොක්ස් ජාත්‍යන්තර සිනමා උළෙල..

2020 විෂම භාග හොඳම සහය නළුවා දිනාගති

නූතන යුගයක් වෙනස් කළ කලා වේ සැබෑ වැඩකරු ඔබයි,

ජැක්සන් ඇන්තනී නම් අසහාය රංගවේදීයා සිය රංගනයෙන් දායකත්වය සැපයූ චිත්‍රපට අතර,

සලංහංතේ

මහා සිංහලේ වංශ කතාව

අග්නිදාහය

කඩුල්ල

අකාල

සන්ධ්‍යා

සුසීමා

දෑස පියාගත් කල

ගරිල්ලා මාකටින්

තාරාවෝ ඉගිලෙති

මරාසාද් පිටගම්කාරයෝ

රෑ තාරකාවෝ

බවදුක

බවකර්ම

කන්ද උඩ ගින්දර

සූරිය අරණ

අස් වැසුම

අබා

මෙතනින් මාරුවෙනු

එකගේ සොකරි

දස්කොන්

සීරජ ලොකු දුව

ජුලියට්ගේ භූමිකාව

රන්දිය දහර

අයෝමා

මිල්ල සොයා

ගිනි අවි සහ ගිනිකෙලි

වෙද හාමිනේ

පලිගු මැණිකේ

බෙර හඩ

අත් ලෝම හන්ස

මඳුර ජවනිකා

ධවල භීෂණ

පළිගු මැණිකෙ

කන්දෙ ගෙදර

ගම්පෙරළිය

තාරාදේවී

ඇඩ්‍රස් නෑ

මෙලෙස ශ්‍රී ලාංකීය සිනමාවට, ගුවන් විදුලියට,පුවත්පත් කලාවට සහ රූපවාහිනියට සිදු කළ මෙහෙවර සදා අමරණීය වේ.

අසහාය කලාකරුවානෙනි ඔබට නිවන් සුවය ලැබේවා!!


GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha