ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් මෝටර් රථ ඇමරිකාවට යැවීම නවතා දමයි
By Hashini
බ්‍රිතාන්‍ය විසින් ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් මෝටර් රථ ඇමරිකාවට අපනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඇමරිකානු ජනපතිගේ නව තීරු බදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙය සිදු කර තිබෙනවා.
ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් සමාගමේ වාර්ෂික නිෂ්පාදනයෙන් හතරෙන් එකක් පමණ එක්සත් ජනපදයට අපනයන කරනු ලබනවා.
සමස්තයක් වශයෙන් එක්සත් එක්සත් රාජධානියේ නිපදවන මෝටර් රථ අටෙන් එකක් එක්සත් ජනපදයට අපනයනය කරනු ලබනවා.
මෙම නව තීරු බදු හේතුවෙන් සමාගමේ ක්‍රියාකාරිත්වයට විශාල බලපෑමක් ඇති කරන බව එම සමාගම සඳහන් කරනවා.
එමෙන්ම ඉතාලි සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදකයෙකු වන ෆෙරාරි සමාගම ඇමරිකාවට අපනයනය කරන ඇතැම් වාහන වල මිල සියයට 10කින් ඉහල දැමීමට තීරණය කර තිබෙනවා.