විශ්වවිද්‍යාලයේ සිසුන් 31 දෙනෙකුට විශ්වවිද්‍යාලයට ඇතුළු වීම තහනම් කරයි..!
By Sewvandhi
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකට අදාළව එම විශ්වවිද්‍යාලයේ සිසුන් 31 දෙනෙකුට විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර ඇති බව වාර්තා වනවා.
විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා ව්‍යාපාර පීඨයේ සිසුන් දෙපිරිසක් අතරයි මෙම ගැටුම ඇතිවී ඇත්තේ.
ඒ අනුව ගැටුමට අදාළව එම පීඨයේ දෙවන වසරේ සිසුන් 16 දෙනෙකු සහ තෙවන වසරේ සිසුන් 15 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන්ට කළමනාකරණ අධ්‍යයන හා ව්‍යාපාර පීඨයට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.
ගැටුමෙන් එක් සිසුවෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |