ඊයේ රාත්‍රියේ ඉන්දීය තරු පිරිවරාගත් මෙරට දැවැන්ත සංගීත ප්‍රසංගයක් අතරේ සිදු වූ විශේෂ දේ..(PHOTOS)

Report

ඊයේ (09) රාත්‍රියේ යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේ දී දකුණු ඉන්දීය ජනප්‍රිය සංගීතඥයෙකු වන හරිහරන්ගේ දැවැන්ත සංගීත ප්‍රසංගයක් පැවැත් වුණා.

මෙම ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිස අතර අධික තදබදය හේතුවෙන් ඇති වූ තෙරපීමකින් එය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් රැසක් තුවාල ලබා ඇති බවටයි මේවන විට තොරතුරු වාර්තා වෙමින් පවතින්නේ.

පොලිසිය පැවසුවේ, ප්‍රසංගයට යොදවා තිබූ පොලිස් රැකවල් බිඳ දමාගෙන පිරිස ප්‍රසංග භූමියට ඇතුළුවීම හේතුවෙන් මෙම අධික තදබදය හටගෙන ඇති බවයි.

තවද අප වාර්තාකරුවන් සඳහන් කළේ, මෙම ප්‍රසංගය නැරඹීමට පැමිණි තවත් බොහෝ පිරිසක් ප්‍රසංග භූමියට ඇතුළුවීම නොහැකිව ඉන් පිටත රැඳී සිටීමට සිදු වූ බවයි.

මේ අතර, දකුණු ඉන්දීය සිනමා නිළි තමන්නා ඇතුළු ප්‍රසිද්ධ නළු නිළියක් කිහිප දෙනෙක් ද මෙම ප්‍රසංගය සඳහා සහභාගී වී සිටි බවයි වාර්තා වුණේ.

මේ ඊට අදාල ඡායා රූප කිහිපයක් පහතින්,

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery