භානුකට, අවිශ්කට සහ දුනියාට Jaffna Kings සම හිමිකරු ඩොලර් ලක්ෂ 3ක් මැච් 4කට දෙන්න හදලා - සල්ලි බෑග් එක්ක කියපුවත් අධිකරණයට

Report

තරග පාවාදීමේ චෝදනා මත ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ ශ්‍රී ලංකා පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ Jaffna Kings කණ්ඩායමේ සම හිමිකරු ඇතුළු සැකකරුවන් දෙදෙනා එළඹෙන 31 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඊයේ (17) දින නියෝග කර ඇත.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළේ Jaffna Kings කණ්ඩායමේ හිමිකරු වන මංජොට් කල්රා සහ එම සිද්ධියට අධාර අනුබල ලබා දුන් බව කියන යුවරාජ් පුෂ්පා නමැති ඉන්දියන් ජාතිකයින් දෙදෙනෙක්.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අනතුරුව ක්‍රීඩා වැරදි විමර්ශන ඒකකය මඟින් කරන ලද කරුණු දැක්වීමෙන් පසු මෙම නියෝගය සිදු කර ඇත.

ලෝකෙම ජය ඝෝෂා මැද අවසන් පූර්ව තරගයේදී ආර්ජන්ටිනාව දිනුවත් බලාපොරොත්තු සුන් වෙයි.. ඊයේ බැනරයක් උස්සලා කරපු විකාරෙට FIFA වෙතින් ප්‍රතිචාර

ලෝකෙම ජය ඝෝෂා මැද අවසන් පූර්ව තරගයේදී ආර්ජන්ටිනාව දිනුවත් බලාපොරොත්තු සුන් වෙයි.. ඊයේ බැනරයක් උස්සලා කරපු විකාරෙට FIFA වෙතින් ප්‍රතිචාර

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් කියා සිටියේ, 2026 LPL තරගාවලියේ තරග පාවා දීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයට අදාළව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.

"ස්වාමිනි, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු හට මෙම සැකකරුවන් දෙදෙනා විසින් 2026 LPL තරග පාවාදීමට යෝජනා කර තිබෙනවා. එනම් භානුක රාජපක්ෂ, අවිශ්ක ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ යන අයට එසේ යෝජනා කර තිබෙනවා. 2026 ජුලි 15 වැනිදා ඩොලර් ලක්ෂ 3ක් මැච් 4කට ලබා දීමට තමයි කටයුතු යොදා තිබුණේ. ඒ සම්බන්ධයෙන් කරන ලද සංවාද ඇතුළත් රේකෝඩරය අද අධිකරණයට ඉදිරිපත් කරනවා." "මෙහි මුල් ගණුදෙනුව ලක්ෂ 120 ගණුදෙනුවක්. පසුව එය ලක්ෂ 115කට අඩුකරගෙන. මෙම සැකකරු මුදල් ලබා දෙන අවස්ථාවේදී තමයි අත්අඩංගුවට ගත්තේ. එහි තිබූ මුදල් සහ බෑගය අධිකරණයට ඉදිරිපත් කරනවා. එහි ලක්ෂ 95ක මුදලක් තිබුණා."

රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක් - බලධාරීන් වහාම ක්‍රියාත්මක වේ

රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක් - බලධාරීන් වහාම ක්‍රියාත්මක වේ

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුවන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් විමර්ශන නිළධාරින් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

දවස ගාණේ උඩ පහළ යන රන් මිල අද බිම වැටෙයි - පවුමක්වත් ගන්න හිතපු අයට අද මිල ගණන් මෙන්න

දවස ගාණේ උඩ පහළ යන රන් මිල අද බිම වැටෙයි - පවුමක්වත් ගන්න හිතපු අයට අද මිල ගණන් මෙන්න